රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :
2025 වසර තුළ විදෙස් රටවල සේවය කරන සේවකයින් විසින් මෙරටට එවන සෘජු ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 07ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙම වසරේදී පමණක් දෙලක්ෂ විසි දහසක් පමණ වූ සේවකයින් විදෙස් රටවල සේවය කිරීම සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
විදේශගත වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත මුදල් ලබාදීමේදී සැලකිලිමත්විය යුතු කරුණු සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා අදහස් පළ කළ බව සඳහන් වේ.
