තායිවානයේ රිච්ටර් මාපකාංක 6.4 ක භූමිකම්පාවක්

Date:

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කර තිබේ.
තායිවානයේ මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණේ භූමිකම්පාව සමඟ දිවයිනේ දකුණේ Kaoshiung නගරයේ මෙට්‍රෝ පද්ධතිය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. භූමිකම්පාව තායිපේ අගනුවරට ද දැනී ඇත.

තායිවානය භූමිකම්පා වලින් නිරන්තරයෙන් පීඩා විඳින අතර දූපත භූ තල දෙකක් මත පිහිටා ඇත. භූමිකම්පාවක් රික්ටර් පරිමාණයේ 7.0ට වඩා බලවත් නම් මිස දිවයින සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකරයි.

කෙසේ නමුත් තායිවානයේ භූමිකම්පාවල අවධානම රඳා පවතින්නේ එය ඇති වන ස්ථානය සහ ගැඹුර මතය. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය(USGS) මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙමඟින් ජීවිත හානි සිදුවීමේ සම්භාවිතාව අඩු නමුත් යම් හානියක් සිදුවිය හැකි බවයි.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...