*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

ඒක රටට නෙමෙයි මටත් හීනයක්. නවසීලන්තයට එරෙහිව ලැබූ ට්‍රයි එක ගැන තරින්ද රත්වත්ත කියයි

ගෙවුණු නිපෝන් පේන්ට් රගර් ලීගයේ වර්ණවත්ම කණ්ඩායම වෙමින් කුසලානයේ හිමිකරුවන් බවට පත් වූයේ මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.එහි තැවරුණ සූරතාවයේ නිපොන් වර්ණ අතරින් වඩාත්ම දිදුලන රගර් තරුව බවට “වසරේ දක්ෂතම ක්‍රීඩකයා” ලෙස ඇගයීම් ලැබුවේ තරින්ද රත්වත්තයි.අපි තරින්දගෙන් ශ්‍රී ලංකාවේ රගර් හීනයක් සැබෑ කිරීමට ඔහුට ලැබුණ අවස්ථාවෙන්ම කතාව ඇරඹවෙමු.

“පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙදි නවසීලන්තයට එරෙහිව මම ගත්තු ට්‍රයි එක ගැන හුඟ දෙනෙක් කතා කරනවා.ඒක ඇත්තටම මගෙ හීනයක් සැබෑවීමක් විතරක් නෙමෙයි රටේම හීනයක් සැබෑවීමක්.”
තරින්ද පමණක් නොවෙයි,රගර් ලෝකයම නවසීලන්ත රගර් තමයි ඉදිරියෙන් තබාගෙන ඉන්නෙ.ඔවුන්ට ලෝක කුසලානය ලැබුණත් නැතත් ආකර්ශණය යන්නෙ නවසීලන්තය දෙසට.ඔවුන් හැම වෙලේම ලොව ඉහළින් වැජඹෙන කණ්ඩායමක් නිසා ශ්‍රී ලංකාව රගර් ලෝකයේ ඉන්න තැන එක්ක “නවසීලන්තය එක්ක තරග කරන්න ලැබෙනාව කියන එකම හීනයක්” යනුවෙන් තරින්ද කරන පැහැදිළි කිරීමේ තියෙන්නෙ අපිට නවසීලන්තයට තියෙන මහා රගර් දුර.

ඒක තරණය කරන එක අමාරු වැඩක් බව ඕනෑම කෙනෙක්ට පැහැදිළියි.ඒත් ඒ තරණය කිරීමෙන් මෙපිට ඒ දැවන්තයන් අස්සෙන් රූටා ගිහිං ට්‍රයි එකක් තියෙන එක කොච්චර අමාරු දෙයක්ද?
“මම තමයි ට්‍රයි එක තිබ්බෙ.ඒක හැබියි ටීම් වර්ක් එකක්.ටීම් එකේ සහයෝගයෙන් මම ඒක කරා.කණ්ඩායම මට ඒක කරන්න අවස්ථාව හදලා දුන්නා.ඒ ගැන මගේ නම ගියාට වැඩේ ගෞරවය සම්පූර්ණ ටීම් එකටම යන්න ඕනි.”
තරින්දට ඒ ගැන තියෙන අදහසටම සමාන අදහසක් තමයි මෙවර නිපොන් ලිග් තරගාවලියේ දක්ෂතාම ක්‍රීඩකයා වීම සම්බන්ධයෙන් තියෙන්නෙත්.
“ඒකත් ඉතිං ටීම් එකේ මගේ වගකීම.ගෞරවය යන්න ඕනි ටිම් එකට.අපි වැඩ කරන්නෙ ටීම් එක දිනවන්න.එතකොට පැවරෙන වගකීම් බෙදී යනවා.අපි හැමදෙනාම ටීම් එක වෙනුවෙන් උපරිමයෙන්ම වගකීම කරන්න බලනවා.”

මහනුවර ක්‍රීඩා සමාජයේ නම නිරන්තරයෙන් ජාතික සූරතාවය සමඟ බැදී තිබුණත්,මහනුවර පාසල්වල නම් එහෙම රැඳී බැඳී නැහැ.මේ වෙනසට හේතුව කවරේද යන්න සම්බන්ධයෙන් තරින්දට තිබුණ උත්තරය හරි වැදගත්.
“මහනුවර පාසල්වල රගර් ක්‍රීඩකයොත් කොළඹ එනවා.ඒත් අපිට හොඳම ටික තියාගන්න හයියක් තියෙනවා.ඒ හොඳම ඔක්කොම මහනුවර ක්ලබ් එකට එකතු වෙනවා.ඒක අපට වාසියක්.කොළඹ ක්ලබ් හතක් අටක් තියෙනවා.ඒවට දක්ෂයො බෙදිලා යනවා.හැබැයි එහෙම කියලාම හරි යන්නෙ නැහැ.අපේ මහනුවර පාසල්වල රගර්වල කොලිටි එකෙත් මේ වෙනකොට යම් පසුබැස්මක් තියෙනවා.”
එම පසුබැසීම ගැන ද මහනුවර ක්‍රීඩා සමාජය සිටින්නේ අවදියෙන් බව තරින්ද පෙන්වා දෙයි.
“අපි මේ දවස්වල පාසල්වල ක්‍රීඩාවටත් මැදිහත් වෙනවා.යනවා,හොයනවා- බලනවා.අපේ ටීම් එකේ වැඩිපුරම ඉන්නෙ කිංස්වුඩ් අය.ඒ නිසා අපි ඒ ගැන විශේෂයෙන් උනන්දුවෙන් බලනවා.”
තරින්ද ගේ නවසීලන්තයට එරෙහි දක්ෂතාවයෙන් නොනැවතී මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ඉහළ ගොස් තිබුණ බව ඇත්තක්.ඒ වගෙමඊට වඩා දෙයක් කරන්න තිබුණ බවත් දකින්න තිබුණා.මේ සූදානම වෙනස් කියන එක තරගයට යන්න ඉස්සෙල්ලම කිව්වෙ කණ්ඩායම් නායකයා.ඔහු ඇඩ්වෙන්චර් තරඟ ඉසව් ආදියෙන් ලැබෙන ආශිර්වාදය ගැන සාර්ථකත්වයට මඟ පෙන්නයි කියා පූර්ව විශ්වාසයකුත් තිබුණා.

“තරගයකට ගියහම හැමදාම ක්‍රීඩකයෝ විදිහට අපි කතා වෙනවා.අපිට ජාත්‍යන්තරයේ මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක.ඒත් ඒකට මේ යන විදිහෙන් වෙනස් වෙන්න ඕනි.අපිට තරගාවලියකට යන්න ලැබුණෙ අවුරුදු දෙකකට විතර පස්සෙ.ඒත් නවසීලන්තය,එංගලන්තය වගෙ ඉහළින් ඉන්න රටවල් තරගාවලියට එන්නෙ ජාත්‍යන්තර තරග 30 – 40 ක් ගහලා එක්ස්පීරීයන්ස් අරගෙන.”
තාරින්ද අපිට බැහැ කියනවට වඩා පුළුවන් වෙන්න කරන්න ඕනි සහ ඒත් නොකෙරෙන තැන ගැන පැහැදිළි කරනවා.

“ඇත්තටම අපිට බැරි නැහැ.ඒත් පුළුවන් වෙන්න තව දේවල් වෙන්න ඕනි.” තරින්ද ඒ යෝජනාවට එකඟයි.
තරින්ද දැන් දක්ෂතම ක්‍රීඩකයා.ඊ ළඟ තරගාවලියෙදි ඔබට දක්ෂතම ක්‍රීඩකයා හැටියට රැකගන්න දෙයක් තියෙනවා.දක්ෂතම ක්‍රීඩකයා වීමට වඩා දක්ෂතම ක්‍රීඩකයා වුණාම රැකගන්න දෙයක් තියෙනවා.ඒ වෙනුවෙන් කරන්නෙ මොකද්ද?

“අපි ක්‍රීඩා සමාජයක් විදිහට හැම මොහොතෙම තරග කරන්නෙ දිනන්න.එහෙම තරග කරන නිසා අපි සමහරුන්ට මේ විදිහෙ විශේෂ අවස්ථාවන් උදාවෙන්න පුළුවන්.අපි මේ විදිහට එකතුවෙන විශේෂ දේවල් ගැන හිතනවට වඩා කණ්ඩායම දිනන හැටියි හිතන්නෙ.ඒකටයි කැපවෙන්නෙ.මේක ටීම් වර්ක් එකක්.තනිව දිනන්න හෝ පරදින්න බැහැ.ඒ නිසා හැමෝම හිතුවොත් අපේ ටීම් එක දිනවන්න ඊට පස්සෙ අනිත් දේවල් වෙන වෙනම ජීවිතයට එකතුවෙයි.”
තරින්ද පවසන්නේ ඇත්තය.අපි කණ්ඩායමක් විදිහට දිනිය යුතු බොහෝ දේ ඇතුළත පුද්ගල ජයග්‍රහණ අපේක්ෂා කර පසු බසින්නේය.පරාජය වැළඳ ගන්නේය.කණ්ඩායමකට නායකත්වය දීමේදී වැදගත් වෙන්නේ කණ්ඩායම ගැන හැඟීමය.එයට තවක් උදහරණයක් තරින්ද මතු කරේ මෙසේය.

“නයිජල්ගෙන් දමිතට නායකත්වය ලැබිලා තියෙනවා.නායකයා කවුද කියන එක නෙමෙයි අපි හිතන්නෙ.නායකත්වය.දමිතුත් කණ්ඩායම දිනවන්න ඕනි හැඟීමට නායකත්වය දෙයි.අපි දැනටමත් ඒ සඳහා සූදානම්.”
තරින්ද ඉතා කෙටියෙන් නායකයා කියන පුද්ගල සාධකය වෙනුවට නායකත්වය යන ගුණාංගය පුද්ගලයෙකු සාර්ථක කරන බව පෙන්වයි.ඒ ගුණාංගය සමඟ ඉදිරි වසරේදී ද මහනුවරින් ජාතික රගර් කිරුළ වෙන කිසිවෙකුට පැහැර ගන්නට ඔවුන් ඉඩ නොදෙන බව නිසැකය.එහෙත් ඒ උත්සාහය සාර්ථකවීම වැළක්වීම සඳහා සෙසු කණ්ඩායම් කළ හැකි උපරිමය කරනු ඇත.අපට වාසනාවන්ත දෑසක් හිමි කරමින් තරින්දලාත්,මහනුවර කණ්ඩායමේ සියල්ලෝත් පමණක් නොව සියළුම ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩකයින් පාන පෙළහර යථාර්තයක් වන ක්‍රීඩා පිටියක් මේ වසරේදී ලාංකේය රගර් පිටිය තුළ නිර්මාණය වේවා යන්න LNW පැතුමය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan