යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කරනවා – යුක්රේන ආක්‍රමණයෙන් මාස 07 කට පසු පුටින්

Date:

යුක්රේනය ආක්‍රමණය කරමින් රුසියානු හමුදාව ආරම්භ කළ ක්‍රියාදාමය හැකි ඉක්මනින් අවසන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසනවා. උස්බෙකිස්තානයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමු වූ අවස්ථාවේදී පුටින් මේ බව සඳහන් කළේය.

ෂැංහයි ආර්ථික සහයෝගීතා සමුළුව පසුගිය දිනවලදී උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවරදී පැවති අතර ඒ සඳහා කාලාපයේ ප්‍රබල රටවල් වන රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයන් සහභාගි විය.

පුටින්-මෝදි සාකච්ඡාවේදී යුක්රේන ආක්‍රමණය ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූ අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් ඉන්දීය නායකයා විරෝධය පළකර ඇති අතර ඒ පිළිබඳව ඇමරිකාව ඇතුළු බටහිර රටවල ප්‍රසාදය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත හිමිව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය පෙබරවාරි මාසයේදී රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රුසියානු – ඉන්දියානු නායකයන් මුහුණට මුහුණ හමු වී සාකච්ඡා පැවැත්වූයේ පළමුවරටයි.

දින දෙකක් තුළදී යුක්රේනය අල්ලා ගැනීමේ අරමුණින් පුටින් සිය හමුදා යුක්රේනය වෙත මෙහෙයෙවූ අතර යුක්රේන හමුදා සාමාජිකයන්ගේ සහ එරට ජනතාවගේ නොපසුබස්නා වීර්යය හමුවේ රුසියාවට බලාපොරොත්තු නොවී තත්වයක් අත්විඳීමට සිදුවිය.

රුසියාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ඇතුළු යුද උපකරණ රැසක් හා අත්දැකීම් සපිරි වටිනා හමුදා නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක් අහිමි කර ගනිමින් පමණක් නොව සමස්ත ලෝකයෙන්ම එල්ල වූ දැවැන්ත සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයද පියවර කිහිපයක් පසුපසට රැගෙන යාමට පුටින්ගේ තීරණය හේතු විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...