මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ලක්ෂ 900කට අධික දේපල ක්‍රියා විරහිත කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති දේපල සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විර්මශනයක් ආරම්භ කර තිබෙන අතර රුපියල් ලක්ෂ 900ක එම දේපළ ඊයේ (17) දින සිට දින 14ක කාලයක් දක්වා ක්‍රියා විරහිත කර තිබේ.

නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අදාළ දේපළ වන්නේ,
හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 07 ක විශාල ඉඩම හා දෙමහල් නිවස (දළ වටිනාකම රුපියල් ලක්ෂ 400 කි)

හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 17 ක විශාල ඉඩම හා නිවාස දෙක (දළ වටිනාකම රුපියල් ලක්ෂ 300 කි)

හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 05 ක විශාල ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රුපියල් ලක්ෂ 50 කි)

කාන්ති මාවත, හුණුපිටිය ලිපිනයේ පිහිටි පර්චස් 03 ක විශාල ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රුපියල් ලක්ෂ 70 කි)

ස්පේසියා වර්වගයේ කාර් රථය (දළ වටිනාකම රුපියල් ලක්ෂ 80 කි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...