මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ලක්ෂ 900කට අධික දේපල ක්‍රියා විරහිත කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති දේපල සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විර්මශනයක් ආරම්භ කර තිබෙන අතර රුපියල් ලක්ෂ 900ක එම දේපළ ඊයේ (17) දින සිට දින 14ක කාලයක් දක්වා ක්‍රියා විරහිත කර තිබේ.

නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අදාළ දේපළ වන්නේ,
හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 07 ක විශාල ඉඩම හා දෙමහල් නිවස (දළ වටිනාකම රුපියල් ලක්ෂ 400 කි)

හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 17 ක විශාල ඉඩම හා නිවාස දෙක (දළ වටිනාකම රුපියල් ලක්ෂ 300 කි)

හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 05 ක විශාල ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රුපියල් ලක්ෂ 50 කි)

කාන්ති මාවත, හුණුපිටිය ලිපිනයේ පිහිටි පර්චස් 03 ක විශාල ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රුපියල් ලක්ෂ 70 කි)

ස්පේසියා වර්වගයේ කාර් රථය (දළ වටිනාකම රුපියල් ලක්ෂ 80 කි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...