පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩට බසී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව, මහජනතාව විසින් යොමුකරන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් මෙම නව පියවර ක්‍රියාත්මක කළ බවත් , ඒ අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලිය එළිදක්වා ඇති බවත්‍ ය.

පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශනය සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වීම හේතුවෙන් විමර්ශන සිදුකිරීමට විවිධ බාධා එල්ලවීම් සඳහා ප්‍රමාදවීම් සිදුව තිබුණු අතර , එබැවින් පැමිණිලි රාශීයක් විමර්ශනයකින් තොරව අධිකාරිය තුළ එක්රැස් වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබු බව සඳහන් වේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, නව ක්‍රමවේදය හරහා දිස්ත්‍රික් මට්ටමින් අදාළ පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමට හැකිවනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...