පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩට බසී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව, මහජනතාව විසින් යොමුකරන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් මෙම නව පියවර ක්‍රියාත්මක කළ බවත් , ඒ අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලිය එළිදක්වා ඇති බවත්‍ ය.

පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශනය සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වීම හේතුවෙන් විමර්ශන සිදුකිරීමට විවිධ බාධා එල්ලවීම් සඳහා ප්‍රමාදවීම් සිදුව තිබුණු අතර , එබැවින් පැමිණිලි රාශීයක් විමර්ශනයකින් තොරව අධිකාරිය තුළ එක්රැස් වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබු බව සඳහන් වේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, නව ක්‍රමවේදය හරහා දිස්ත්‍රික් මට්ටමින් අදාළ පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමට හැකිවනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...