සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දියාවෙන් නිවාස

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් පියවර ගෙන ඇත්තේ, තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමට යි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, ඊරෝඩ්, සේලම්, විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති බවයි.

ඒ අනුව ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා අතින් විවෘත කර ඇති අතර, පසුගිය 2021 වර්ෂයේ දී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා වූ සරණාගත කඳවුරු පුනරුත්ථාපන කඳවුරු ලෙස නම් කර කිරිමට ප්‍රාන්ත මහ ඇමතිවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් තවත් පුනරුත්ථාපන කඳවුරු 35ක නව නිවාස 3,510ක් ඉදිකිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...