රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ (LNW):
අද (19) අලුයම් කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව ඇත.
කන්ටේනර් රථයේ පිටුපස ටයර යුගලයක හුලං යෑමත් සමග රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව කන්ටේනරය පෙරළි ගොස් ඇති බවට වාර්තා වේ.
කොළඹ දෙසට ධාවනය වන මත්තීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති නමුත් අනෙක් මන්තීරුවේ රථ වාහන ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව තොරතුරු සඳහන් වේ.