*
Friday, September 20, 2024
spot_img

Latest Posts

පවන් රළු වී දකුණු අප්‍රිකානු බලාපොරොත්තු ගසා ගෙන යයි

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 19, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ දෙවන නිල නොවන ටෙස්ට් තරගය ද ශ්‍රී ලංකාවට කඩුලු 5 ක් ජයක් අත් වෙමින් නිමාවට පත් වුණා.ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල විශාල වශයෙන් අවධානයට ලක් වුව ද,මෙම සංචාරයේ දී එම මැදිහත්වීම්වලට සාධාරණයක් කරන්නට උත්සාහ කරමින් ලකුණු සොයමින් සිටි පවන් රත්නායකට මේ ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය යා යුතු වෙනවා.


පළමු ඉණිමේ දී දකුණු අප්‍රිකාව සතු වූ ලකුණු 15 ක වාසියට දෙවන ඉණිමේ දී කඩුලු 9 ට ලකුණු 238 ක් එකතු කර ගනිමින් ශ්‍රී ලංකාවට කෙටි කාලයක් තුළ ලකුණු 254 ක් ලබා හැකිනම් ජය ලබා ගන්නයි,තරගය දෙපීලටම විවෘත කරන අභියෝගයක් ලබා දෙන්නට දකුණු අප්‍රිකාව තීරණය කරා.එම තීරණයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව වැඩි පුර තරගය ජය පරාජයෙන් තොරව කෙළවර කරන්නට උත්සාහ කරන බවක් දකින්නට ලැබුණ ද,ලකුණු 63 ට කඩුලු 3ක් දැවී ශ්‍රී ලංකාව තරගය පරාජය විය හැකි අවදානමකට යොමු වෙමින් තිබුණා.


විසිවන පන්දු ඕවරයේ දි ඒ අනතුරට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකාවේ ඉරණම ඒ මොහොතේදී පිටියට පිවිසෙන 22 හැවිරිදි තරුණ පවන් රත්නායක තරගය සම්පූර්ණයෙන් කණපිට හරවන්නට සමත් වෙනවා.කඩුල්ලේ සිටි නායක පසිඳු සූරියබණ්ඩාර ඊට හොඳ සහයක් ලබා දෙන අතර සිවිවන කඩුල්ලට ඔවුන් දෙදෙනා විසින් පන්දු 105 දී ලකුණු 136 ක් එකතු කරනු ලබනවා.අනතුරුව පස්වන කඩුල්ලට ෂොනාල් දිනූෂ එකතු කරන ලද ලකුණු 16 ත් සමඟ ලකුණු 42 ක සබඳතාවයක් පවත්වන්නේ පන්දු 23 ක් පමණක් වැය කරමින්.පවන් නොදැවී ලකුණු 116 ක් ලබමින් ශ්‍රී ලංකාවට නොසිතූ විරූ ජයක් ලබා දෙන්නේ පන්දු 67 ට මුහුණ දෙමින් ඉන් පන්දු 11 ක් හතරේ සිමාවට යොමු කරමින් සහ පන්දු 7 ක් හතරේ සීමාවට ඉහළින් පිටතට යොමු කරමින්.


දකුණු අප්‍රිකානු දෙවන ඉණිමේ දී වැඩිම ලකුණුලාභියා වූයේ ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ඔහු ලකුණු 74 ක් ලබා ගන්නට සමත් වුණා.පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ තරගාවලිය පුරා සාර්ථක වූ ඉසිත විජේසුන්දර ලකුණු 22 ට සහ ඒෂාන් මාලිංග ලකුණු 55 ට කඩුලු 2 බැඟින් දවා ගත් අතර මොහොමඩ් සිරාස් ද ලකුණු 43 ට කඩුලු 2 ක් ලබා ගන්නට සමත් වුණා.


ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වගේම මෙහිදී දකුණු අප්‍රිකානු ඒ නායකයා වන නීල් බ්‍රෑන්ඩ් ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කරමින් සිය ඉණිම අත් හිටුවා හැකිනම් තරගය ජය ගන්නට යැයි අභියෝග කිරීමද අගය කළ යුතු වෙනවා.ඔහු නායකයෙක් ලෙස කළ ඒ අභියෝගය පවන් රත්නායක සුනු විසුණු නොකළානම් ඊයේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට සතුටු විය හැකි දෙයක් ලෙස ලැබෙන්නට තිබුණු එකම අවස්ථාව එය වන්නට තිබුණා.මන්ද,ඊයේ ඇෆ්ගනිස්තානය ඉදිරියේ එක් දින තරගයක ලැබූ අවම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් දකුණු අප්‍රිකාව ලකුණු 106 ට දැවී යමින් ඇෆගනිස්තානයට කඩුලු 6ක ජයක් ලබා දුන්නා.එසේම කාන්තා කණ්ඩායම ද පකිස්තාන කණ්ඩායම ඉදිරියේ අනපේක්ෂිත ලෙස ලකුණු 19 ක පරාජයක් ලැබුවා.
පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජයගත් තරගයේ ලකුණු පූවරුවයි.
https://es.pn/3TtQzdI

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan