එක රටක්,එක ජාතියක් හා එක මැතිවරණයක් සඳහා වන පනතට ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය!

Date:

කොළඹ LNW:එක රටක්, එක ජාතියක් හා එක මැතිවරණයක් සඳහා වන පනතට ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

හිටපු ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ කමිටුවකින් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන අතර එරට ලෝක් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙය සම්මත කර ගැනීමද විශේෂත්වයක්.

ඒ අනුව ඉන්දියාව පුරා එකවර මැතිවරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය එමඟින් හිමිවීමට නියමිතයි.

පසුගිය මාසයේ සිය නිදහස් දින දේශනයේදී අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබුණේද නිතර මැතිවරණ පැවැත්වීම රටේ ඉදිරි ගමනට බාධා ඇති කරන බවයි.

කෙසේ වෙතත් මේ වන විටත් දේශපාලන පක්ෂ කිහිපයක් මෙම පනතට සහය දැක්වීමට එක්ව සිටින බව ඉන්දීය රජය ප්‍රකාශ කර තිබෙන බව ද වාර්තා කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් ලැබෙන පුළුල් සහයෝගය හේතුවෙන් ඊට විරුද්ධ පක්ෂවලට පවා තම ස්ථාවරය වෙනස් කිරීමට අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ල විය හැකි බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...