අල්ලස් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙකුට වසර2ක බරපතල වැඩසහිත සිරදඬුවම්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ (LNW):

කොළඹ අංක 04 මහාධිකරණ විනිසුරු තැන්පත් මහේෂ් වීරමන් මහතා විසින්, රු25,000ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙකුට වසර දෙකක බරපතල වැඩසහිත සිරදඬුවම් ලබාදී තිබෙන බව සඳහන් වේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, මෙම දඬුවම වසර 10කට අත්හිටුවා ඇති බවයි .

නීති විරෝධී පස් කැපීමකට අදාළව බැඳිගම, දකුණු ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබුණු අතර,එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර නීති මඟින් කටයුතු නොකිරීම සඳහායි චූදිතයා විසින් රුපියල් 25,000ක මුදලක් පිරිනැමීමට තැත් කර ඇති බව පැවසේ.

ඊට අදාළ නඩුව අද (19) කොළඹ අංක 04 මහාධිකරණයේදී කැඳවනු ලැබූ අතර, එහිදී චූදිත වරද පිළිගැනීම හේතුවෙන් වසර දෙකක බරපතල සිරදඬුවම් ලබාදී එය වසර 10කට අත්හිටුවීමට අධිකරණය නියම කළ බව පැවසේ,

එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂයක දඩයක් සහ අල්ලස් ලෙස ලබාදීමට තැත්කළ රුපියල් 25,000ක මුදල රාජසන්තක කිරීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...