සටහන – රුවන් නෙළුගොල්ල
අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඊයේ (18) දිනයේදී ඔහුව ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (17) දිනයේදීය.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණත් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවත් ඒ හරහා රුපියල් කෝටි 07ක පමණ මුදලක් රජයට පාඩුවන අන්දමින් සැකකාර හිටපු අමාත්‍යවරයා කටයුතු කර ඇති බවත් ය.
