ජනාධිපති ට්‍රම්ප් ලෝක අධිරාජ්‍යයා නොවේ! ඔහු සමඟ “කිසිදු සම්බන්ධතාවයක්” නොමැති බව බ්‍රසීල ජනාධිපතිවරයා කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා තමාට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ “කිසිදු සම්බන්ධතාවයක්” නොමැති බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ(18) දිනයේදී ජාත්‍යන්තරික මාධ්‍ය වේදීන් සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදී මේ බව ප්‍රකාශ කළ බ්‍රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප් ලෝකයේ අධිරාජ්‍යයා නොවන බවත්, හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරුන්, එක්සත් රාජධානියේ අගමැතිවරුන්, යුරෝපා සංගමය, චීනය, යුක්රේනය, වෙනිසියුලාව සහ ලෝකයේ සියලුම රටවල් සමඟ සබඳතා ගොඩනඟා ගත්තත් ට්‍රම්ප් එසේ නොවන බවත්ය.

බ්‍රසීලය සමඟ එක්සත් ජනපදයට වෙළඳ අතිරික්තයක් තිබුණද, බ්‍රසීලයේ දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහි රාජ්‍ය කුමත්රන දියත් කිරීම හා ජනාධිපති බලතල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය දේශපාලනික පලිගැනීමක් බවට හුවා දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූලි මාසයේදී බ්‍රසීල භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවීය.

ඒ අනුව, ට්‍රම්ප් විසින් පනවා ඇති තීරුබදු, කෝපි සහ හරක් මස් වැනි එක්සත් ජනපදයට කරන බ්‍රසීල අපනයනවලට ඉහල මිලක් නියම කර ඇති අතර, ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප්ගේ වැරදි හේතුවෙන් ඇමරිකානු ජනතාවට වන්දි ගෙවීමට සිදුවන බවත්, මෙම එක පාර්ශවිය ඉහල බදු වලට හේතුව ට්‍රම්ප් ඔහුගේ සම්බන්ධතාවය බ්‍රසීලය සමඟ නොව බොල්සොනාරෝ සමඟ වීම හේතුවෙන් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...