ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයේ ෂරියා විරෝධී සහ තලේබාන් ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස කාන්තා කතුවරියන් ලියු පොත් ඇෆ්ගන් විශ්වවිද්‍යාල වලින් තහනම් කර ඇති බව වාර්තා වේ.

මෙම තහනම වසර හතරකට පෙර බලයට පත්වීමෙන් පසු තලේබාන්වරු ගෙන ආ සීමාවන් මාලාවක නවතම තත්වය වන අතර මෙහිදී මානව හිමිකම් සහ ලිංගික හිංසනය ඉගැන්වීම ආදිය ඇතුළු පොත් 680ක් පමණ මෙලෙස තහනමට ලක් කර ඇත.

විශ්ව විද්‍යාලවලට තවදුරටත් විෂයයන් 18 ක් ඉගැන්වීමට අවසර නොමැති බව දන්වන ලද අතර, ස්ත්‍රී පුරුෂ භාවය සහ සංවර්ධනය, සන්නිවේදනයේ කාන්තාවන්ගේ භූමිකාව සහ කාන්තා සමාජ විද්‍යාව මෙලෙස තහනමට ලක් කරන ලද විෂයන් අතර වේ. මේ සම්බන්ධයෙන් තලේබාන් නිලධාරියෙකු පැවසුවේ ඒවා “ෂරියා මූලධර්ම හා පද්ධතියේ ප්‍රතිපත්තියට පටහැනි” බවයි.

එමෙන්ම ගෙවුණු සතිය තුළ පමණක් තලේබාන්වරුන්ගේ උත්තරීතර නායකයාගේ නියෝග මත අවම වශයෙන් පළාත් 10 ක අන්තර්ජාලය තහනම් කරන ලද අතර, තලෙයිබාන් පාලකයන් මේ සමබන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙය දුරාචාරය වැළැක්වීම සඳහා ගත් පියවරක් වශයෙනි.

ඇෆ්ගනිස්තානයේ නීති රීති ජීවිතයේ බොහෝ අංශ කෙරෙහි බලපෑමක් ඇති කර ඇති අතර මෙම නීති රීති හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් විශේෂයෙන් දැඩි ලෙස පීඩාව පත්කර ඇත. ගැහැණු දරුවන්ට හයවන ශ්‍රේණියට වඩා අධ්‍යාපනයට ප්‍රවේශ වීම තහනම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...