ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයේ ෂරියා විරෝධී සහ තලේබාන් ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස කාන්තා කතුවරියන් ලියු පොත් ඇෆ්ගන් විශ්වවිද්‍යාල වලින් තහනම් කර ඇති බව වාර්තා වේ.

මෙම තහනම වසර හතරකට පෙර බලයට පත්වීමෙන් පසු තලේබාන්වරු ගෙන ආ සීමාවන් මාලාවක නවතම තත්වය වන අතර මෙහිදී මානව හිමිකම් සහ ලිංගික හිංසනය ඉගැන්වීම ආදිය ඇතුළු පොත් 680ක් පමණ මෙලෙස තහනමට ලක් කර ඇත.

විශ්ව විද්‍යාලවලට තවදුරටත් විෂයයන් 18 ක් ඉගැන්වීමට අවසර නොමැති බව දන්වන ලද අතර, ස්ත්‍රී පුරුෂ භාවය සහ සංවර්ධනය, සන්නිවේදනයේ කාන්තාවන්ගේ භූමිකාව සහ කාන්තා සමාජ විද්‍යාව මෙලෙස තහනමට ලක් කරන ලද විෂයන් අතර වේ. මේ සම්බන්ධයෙන් තලේබාන් නිලධාරියෙකු පැවසුවේ ඒවා “ෂරියා මූලධර්ම හා පද්ධතියේ ප්‍රතිපත්තියට පටහැනි” බවයි.

එමෙන්ම ගෙවුණු සතිය තුළ පමණක් තලේබාන්වරුන්ගේ උත්තරීතර නායකයාගේ නියෝග මත අවම වශයෙන් පළාත් 10 ක අන්තර්ජාලය තහනම් කරන ලද අතර, තලෙයිබාන් පාලකයන් මේ සමබන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙය දුරාචාරය වැළැක්වීම සඳහා ගත් පියවරක් වශයෙනි.

ඇෆ්ගනිස්තානයේ නීති රීති ජීවිතයේ බොහෝ අංශ කෙරෙහි බලපෑමක් ඇති කර ඇති අතර මෙම නීති රීති හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් විශේෂයෙන් දැඩි ලෙස පීඩාව පත්කර ඇත. ගැහැණු දරුවන්ට හයවන ශ්‍රේණියට වඩා අධ්‍යාපනයට ප්‍රවේශ වීම තහනම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...