”ඔබේ මතය ඔබ දරන්න ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු” – කල්ගිය එජාප සමුළුව 20 වැනිදා!

Date:

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සමුළුව එළබෙන 20 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එදින පෙ.ව. 09.00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්හිදී එය ආරම්භ වෙන අතර ”එකට සිටගමු” ලෙසින් සංවත්සර සමුළුව නම් කර ඇත.

මෙතෙක් කාලයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සංවත්සර සමුළුව මෙවර විශේෂයෙන් විපක්ෂයේ සියලුම පාර්ශවවලට ඊට සහභාගී විය හැකි ආකාරයට සංවිධානය කර තිබීම එහි විශේෂත්වයයි.

ඔබේ මතය ඔබ දරන්න ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු යන තේමාවෙන් මෙවර එජාප සමුළුව සංවිධානය කර ඇති බවට එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

ඒ අනුව විපක්ෂයේ සෙසු පක්ෂ සහ කණ්ඩායම් වෙතද මෙම සමුළුවට ආරාධනා කර තිබේ.

මේ වන විට ඇපමත නිදහස්ව සිටින එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ කණ්ඩායම් ඒකාබද්ධ විය. එම දේශපාලන එකතුව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යා යුතු බවටයි විශේෂයෙන් එජාපයේ මත වූයේ.

ඊට අදාළව විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ජාද පැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය එකට වැඩකිරීමට තීරණය කර ඇති අතර එජාපයේ සිට සමඟියට ගිය අයට එජාපයෙන් පනවා තිබූ තහනමද ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කර තිබුණි.

ඒ අනුව විශේෂයෙන් එජාපයේ සිට සමඟිය පැමිණි අයට එජාප සංවත්සරයට සහභාගී වීමේ බාධාවක්ද ඉවත්ව තිබේ.

විපක්ෂයක් ලෙස එකට එකතුව වැඩ කිරීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ආණ්ඩුවට එරෙහි බලවේගයක් ගොඩනැගීමට නම් විපක්ෂ කණ්ඩායම් එක වේදිකාවකට එක්විය යුතු බවයි.

එහිදී පක්ෂ අනන්‍යතා රැකගෙන සන්ධානගත දේශපාලනය සිදුකළ හැකි හෙයින් දැනටමත් එජාපය සහ සමඟිය එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දෙමළ , මුස්ලිම් සංවිධානද පොදු විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට එකඟතාව පළකර ඇති බව අත්තනායක මහතා ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් වර්තමාන දේශපාලන පසුබිම මත සිරිකොතෙන් පිටතට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සංවත්සර සමුළුව විපක්ෂයේ දේශපාලන දිශානතිය කොයිබටද යන්න පෙන්නුම් කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : අද (19) සිට ප්‍රවාහන,...

රුමේෂ් තරංග දිණුම්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා තරග...

උතුරු කොරියාවේ නවතම උත්සාහය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ වඩාත්...

ශෂීන්ද්‍ර තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර...