කමාන්ඩෝ සලින්තට ගිනි අවි සහ උණ්ඩ සැපයූ කමාන්ඩෝ සෙබළෙක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ‘කමාන්ඩෝ සලින්ත’ නමැත්තාට ගිනි අවි, උණ්ඩ ලබාදීම සහ අලුත්වැඩියා කරදීම සම්බන්ධයෙන් යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුඅක්ර තිබෙන අතර සැකකාර කමාන්ඩෝ සෙබළා ගනේමුල්ල පළමුවන කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කළ අයෙක් බව සඳහන්.

සැකකාර යුද හමුදා සෙබළා කමාන්ඩෝ සලින්ත නමැත්තාට T 56 උණ්ඩ , 9 M.M වර්ගයේ පිස්තෝල උණ්ඩ ඇතුළු යුද හමුදා උපකරණ මුදලට ලබාදීම සහ අපරාධ සඳහා යොදා ගන්නා ගිනි අවියක් අලුත්වැඩියා කරදීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

මීට පෙරද කමාන්ඩෝ සලින්ත වෙත උණ්ඩ අලෙවි කළ යුද හමුදා කර්නල්වරයෙක් අත්අඩංගුවට පත්විය.

මල්ලාවි පාලෙයිනගර් යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරමින් සිටිය දී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම කර්නල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

ටී -56 උණ්ඩ 260ක ප්‍රමාණයක් උණ්ඩ 200ක් සහ 60ක් ලෙස අවස්ථා දෙකක දී කමාන්ඩෝ සලින්ත වෙත ලබා දී ඇති අතර ඒ සඳහා සැකකරු ලක්ෂ 6.5ක මුදලක් ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...