දේශපාලන සිරකරුවන්ගේ උපවාසය අවසන්

Date:

දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගෙන රඳවා සිටින තමන් නිදහස් කරන්නැයි ඉල්ලා දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් විසින් ආරම්භ කළ උපවාසය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා ලබාදුන් පොරොන්දුවක් මතයි උපවාසය අත්හිටුවීමට තීරණය කර තිබෙන්නේ.

කොළම මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් 13 දෙනෙකු මෙම උපවාසය ආරම්භ කළේ පසුගිය 06 වැනිදායි. උපවාසයට දින 06 ක් ගතවන විට දැඩිලෙස අසාධ්‍ය තත්වයේ පසු වූ සිරකරුවන් 06 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙම උපවාසයට සහාය දක්වමින් පසුගිය 16 වැනිදා ඔවුන්ගේ ඥාතීන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුවට මැදිහත් වන ලෙස ආණ්ඩුකාරවරයාට බල කරමිනි.

උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා 17 වැනිදා මැගසින් බන්ධනාගාරයේ උපවාසයේ නිරත සිරකරුවන් හමු වී සාකච්ඡා පැවැත්වූ අතර ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වන බවට ආණ්ඩුකාරවරයා පොරොන්දුවක් ලබා දී තිබේ.

ඒ අනුව සිරකරුවන්ගේ උපවාසය සහ ඥාතීන්ගේ උපවාසය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරිණි.

ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන දිගු කලක් තිස්සේ රඳවාගෙන සිටි දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනෙකු නිදහස් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ දේශපාලනඥයන්ට පොරොන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ නමුත් එය තවදුරටත් දෙමළ ජනතාව රැවටීමක් බවයි උතුරේ දේශපාලන පක්ෂ ඇතුළු සංවිධාන පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසකගෙන් ජනතාවට පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ...