මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Date:

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ඊයේ (18) දිනයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පසුගිය කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද එම පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණි.

අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම පනතෙන් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත්තේ,

  •  ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, 
  • අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, 
  • අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුනේ ප්‍රකෝප කිරීම, 
  • අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම, 
  • ආගමික හැඟීම් වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, 
  • ආගමික  හැඟීමක් නග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, 
  • වංචා කිරීම, අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම, 
  • සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව ම නින්දා කිරීම, 
  • කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, 
  • හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
  • ළමා අපයෝජනය, වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම ආදිය බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ සඳහන් කරයි.

එම සම්පූර්ණ පනත් කෙටුම්පත කියවීම සඳහා මෙතැනින් යොමුවිය හැකිය. http://documents.gov.lk/en/bills.php

මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...