රාජ්‍ය නිලධාරීන් 9ක් ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9දෙනෙකු ඉවත් කළ බව, දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා පැවසුවේය.

විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කලමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිධාරින් 19 දෙනෙකු පිළිබඳව මෙලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන  බවට හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබුණු බව සඳහන් වේ.

ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19දෙනා අතුරින් නිලධාරීන් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් තිරිමට පියවර ගෙන තිබේ.

එලෙස මැතිවරණ රාජකාරිවලින් ඔවුන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ නිලධාරින් මේ වනවිට සම්පුර්ණ කර ඇති බවද හම්බන්තොට දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...