හසීනා නෙරපා හැර මාසයක් ගතවන විටත් බංගලාදේශය සාමාන්‍ය තත්ත්වයට පත්වන බවට ලකුණකුදු නොමැත

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ජුලි මාසයේ සිට බංගලාදේශයේ ශිෂ්‍ය විරෝධතාවන්ගෙන් රට ගිල ගැනීමෙන් අනතුරුව අගෝස්තු 5වන දා බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා රටින් පලා යාමත් සමඟ මේ වන තෙක් රට ස්ථාවර තත්වයට පත්ව නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ,

හසීනා පලා යාමෙන් අනතුරුව ජයග්‍රාහී ශිෂ්‍ය නායකයින්ගේ ඉල්ලීම පරිදි බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා නොබෙල් ත්‍යාග ලාභී මොහොමඩ් යුනුස්ට ආරාධනා කළ අතර යුනුස් විසින් පත් කරන ලද බොහෝ උපදේශකයින්, ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්, නීතිඥයින්, මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් හසිනාගේ රජයට විරුද්ධ වුවන්ය.

පසුගිය සතියේ යුනුස්ගේ රජය විසින් හමුදාවට පොලිස් හා මහේස්ත්‍රාත් බලතල ලබා දුන අතර නව බලපතල ප්‍රධානය කිරීම යටතේ හමුදා නිලධාරීන්ට ප්‍රාදේශීය පොලිස් බලතල ලැබෙනු ඇති අතර ඔවුන්ට සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ හැකි අතර විශාල රැස්වීම් විසුරුවා හැරීමට බලය ඇත. එමන්ම යුද හමුදාවට මහේස්ත්‍රාත් බලතල පැවරීමෙන් පොලිසිය සහ බන්ධනාගාරය සම්බන්ධ කටයුතු මෙන්ම විධායක මහේස්ත්‍රාත්වරුන්ගේ කාර්ය භාරය ඉටු කිරීමට හමුදාවට මෙමඟින් ඉඩ සැලසේ.

මේ තත්යවයත් සමඟ දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ බංග්ලාදේශය මෙන්ම අන්තර්වාර සංක්‍රාන්ති ආන්ඩුවද අනාරක්ෂිත තත්වයක් පවතින බවයි.

මහජන විරෝධතා හේතුවෙන් මේවන විට බංගලදේශයේ ආර්ථික ජීවනාලිය වූ කර්මාන්ත ශාලා සිය ගනනක් වසා දමා ඇති අතර, ලාභ උපයන ඇඟලුම් කර්මාන්තය ආර්ථික වශයෙන් විනාශකාරී ලෙස නතර වී ඇති අතර රටේ විදේශ විනිමය සංචිත සිඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ වන විට සිවිල් වැසියන්ද පොලිස් ස්ථාන කිහිපයකට ගිනි තබා ඇති අතර බොහෝ අවස්ථාවලදී සිවිල් වැසියන් පොලිසියට වඩා ශිෂ්‍ය කණ්ඩායම් කැඳවා සිදුවීම් විසඳීමට හෝ අසාධාරණයන් වාර්තා කිරීමට කටයුතු කරමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...