IMF ගිහින් මේ අර්බුදයෙන් රට ගොඩගන්න බෑ, ඔවුන් දෙන්නෙත් සොච්චමයි – ටිල්වින් (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයට විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණයක් ලබාගැනීම නොවන බවත් එම අරමුදලෙන් දැනට ලබාදීමට යෝජනා වී ඇත්තේ ද සොච්චම් මුදලක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලාගේ ආණ්ඩුව දැන් විශ්වාසය තියලා තියෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් අරන් තමයි මේ අර්බුදයෙන් ගොඩයන්න හදන්නෙ. අපේ රටේ අර්බුදය ණය. ඉතින් ණය නිසා හැදිච්ච අර්බුදයක් බේරන්න පුළුවන්ද ණයකින් ? මම අහන ප්‍රශ්නය ඒකයි. අර්බුදය ණය නම් උත්තරය ණය වෙන්න පුළුවන්ද ? උත්තරය ණය වෙන්න බෑ. දැන් වෙන්න යන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගන්න එක. ඒගොල්ලො යෝජනා කළා ලංකාවට ණයක් තවම අනුමත කළේ නෑ, යෝජනා කළා විතරයි ඩොලර් බිලියන 2.9ක ණයක්. අනුමත කරන්න ඕනෙ මහා මණ්ඩලයෙන්. අවුරුදු 4කට, කොටස් 8කට. එතකොට අවුරුද්දකට මිලියන 725 යි. මාස හයට බැලුවොත් 360ක් වගේ එන්නෙ. මාසෙකට තෙල් ගේන්නම අපට යනවා 400ක්. රට ගොඩගනීද ? ඒකෙන් ගොඩගන්න බෑ. පුංචි ගාණක් ඕක. සොච්චමක් ඕක. ඕක අතට සල්ලි හම්බෙන්නෙත් නෑ. ඒ නිසා IMF ගිහිල්ලා මේක ගොඩගන්න බෑ. අපට මේ ඩොලර් බිලියන 10 – 15ක ප්‍රශ්නයක් තියෙන්නෙ”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...