මීළඟ අරගලය නවත්වන්න බැරිවෙයි – මිහින්තලේ හිමිගෙන් අගමැතිට අනතුරු හැඟවීමක් (VIDEO)

Date:

මාස හයක් තුළ මහමැතිවරණයක් පැවැත්වූයේ නැතිනම් මීළඟට එන අරගලය නැවැත්වීමට නොහැකි වනු ඇති බවට මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අනතුරු හඟවයි.

එහිමියන් මේ බව පැවසුවේ අනුරාධපුර පූජා නගරයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිමි බැහැදුටු අවස්ථාවේදී ය.

“මේ ඔක්කොම හිටපු නායකයෝ, ඉන්න නායකයෝ එකතු වෙමු. රටට ආදරේ නම් මාස 6ක් ඇතුළත මහමැතිවරණයකට ඔබතුමාලා පොරොන්දු වෙන්න. මහනායක හාමුදුරුවෝත් කිව්වා, එහෙම නොවුණොත් මහබැංකු අධිපතිතුමාත් කිව්වානෙ අරගලයක් එයි කියලා. ඒ ආර්ථික දැනුමත් එක්කනෙ එතුමා කියන්නෙ. එහෙම වුණොත් මේ එන අරගලය නවත්තන්න බැරිවෙයි”

දේශපාලනඥයින්ගේ ක්‍රියාකාරකම් දැඩි ලෙස විවේචනය කරමින් එහිමියෝ එහිදී දීර්ඝ අනුශාසනාවක් ද සිදු කළහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...