*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අලුත් ක්‍රිකට් නීති ඔක්තෝබර් 01 සිට බලාත්මක වෙයි

ක්‍රිකට් පිටියට හඳුන්වා දී ඇති අලුත් නීති ඔක්තෝබර් මස 01 වැනිදා සිට බලාත්මක වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. ලබන මස ඔස්ට්‍රේලියාවේදී ඇරඹෙන 20/20 ලෝක කුසලාන තරගාවලියද නව නීති යටතේ පැවැත්වෙනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවට නව නීති හඳුන්වාදීමේ පූර්ණ බලතල එංගලන්ත මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයට හිමිවන අතර එම ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නව නීති හඳුන්වා දීම සිදු කෙරිණි.

පිතිකරුවෙකු උඩපන්දුවක් ලබා දී දැවීයන අවස්ථාවක අනෙක් අන්තයේ සිටි පිතිකරු දැවීයන පිතිකරු අභිබවා ගොස් පන්දුවට පහරදෙන අන්තයට ගොස් සිටියේ නම් ඊළඟ පන්දුවට පහරදීමේ අවස්ථාව ඔහුට හිමිවීම මෙතෙක් පැවති නීතියයි. කෙසේ නමුත් නව නීතිවලට අනුව නවක පිතිකරුට ඊළඟ පන්දුවට පරහදීමේ අවස්ථාව හිමිවීම අනිවාර්ය වේ.

දැවීයාම සිදුවූයේ හයවැනි පන්දුවේදී පමණක් නම් පිටියේ සිටින අනෙක් පිතිකරුට නව පන්දුවාරයේ පළමු පන්දුවට මුහුණදීමේ අවස්ථාව හිමි වේ.

පන්දුයවන්නා විසින් යොමුකරන ඕනෑම පන්දුවක් තණතිල්ලෙන් ඉවතට ඇදී යන්නේ නම් එය නිපන්දුවක් ලෙස නම් කිරීමද නව නීතිවලට ඇතුළත් වේ.

මන්කාඩ් දැවීයාමේ නීතියේද සංශෝධන කිහිපයක් සිදුකර තිබෙනවා. නව නීතියට අනුව මන්කාඩ් ක්‍රමයට දවාගැනීමද දුවද්දී දැවීයාම්වලට අයත් වේ. පන්දුයවන්නා හිතාමතාම පිතිකරු දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමේ අරමුණින් පිතිකරු දෙසට පන්දුව දමා ගැසුවහොත් එම පන්දුව නිපන්දුවක් ලෙස නම්කරනු ඇත.

පන්දුයැවීය සඳහා දිවඑන අතරතුර පන්දු රකින කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිය පන්දු රකින ස්ථානය වෙනස් කළහොත් අදාල පන්දුව අජීවී පන්දුවක් ලෙස නම්කර පිතිකරණ කණ්ඩායමට අතිරේක ලකුණු 05 ක් ලබාදෙනු ඇත.

තරගයක් අතරතුර සිදු කරන ක්‍රීඩක ආදේශයකදී පිටියෙන් ඉවතට යන ක්‍රීඩකයාගේ දවාගැනීම් සහ වැරදි ආදේශක ක්‍රීඩකයාට අයත් වන ලෙසට නීති සංශෝධනය කර තිබෙනවා.

එක්දින සහ ටෙස්ට් තරගවල නව ක්‍රීඩකයෙකුට පිටියට පිවිසීම සඳහා මිනිත්තු 03 ක කාලයක් ලබාදෙන අතර නව සංශෝධන අනුව එය මිනිත්තු 02 ක් දක්වා සීමා කර තිබෙනවා. කෙසේ නමුත් 20/20 තරගවලදී හිමිවන මිනිත්තු එකහමාර එලෙසින්ම තවදුරටත් බලාත්මක වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan