නගර්නෝ-කරබාක් ප්‍රදේශය සහ අසර්බයිජානය අතර සටන් විරාමයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නගර්නෝ-කරබාක් ප්‍රදේශය සහ අසර්බයිජානය අතර සටන් විරාමයකට අද (20) දින එළැඹීමත් සමග ඊයේ (19) ඇරඹුණ ගැටුම් නවතින තත්ත්වයක් මතුව ඇති අතර, එරට වෙලාවෙන් අද දහවල් 1.00 සිට එම සටන් විරාමය ක්‍රියාත්මක බවයි නගර්නෝ-කරබාක් බලධාරීන් වාර්තා කළේ.

ඊයේ සිට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අසර්බයිජානය විසින් උපක්‍රමිකව වැදගත් ඇතැම් උස්බිම් හා මංසන්ධි අත්පත් කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සටන් විරාම ගිවිසුමත් සමග, නගර්නෝ-කරබාක් සන්නද්ධ අංශ සහ ප්‍රදේශයේ සිටින ආර්මේනියානුවන් අවි බිම තබනු ඇතැයි අසර්බයිජානය විශ්වාසය පල කරයි.

කෙසේ වෙතත් සටන් විරාමය සහ ඉන්පසු මතුවන තත්ත්වය පිළිබඳ හෙට දිනයේ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයි නගර්නෝ-කරබාක් බලධාරීන් පවසා සිටී. එම සාකච්ඡාවේදී එම ප්‍රදේශය යළි අත්පත් කරගැනීම හා මානව හිමිකම් සහ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...