මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගණන් කිරීම ආරම්භ වේ.

Date:

  • සටහන – නදීක දයා බණ්ඩාර
  • සැප්තැම්බර් 21, මහනුවර (LNW): ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු කිරීම පස්වරු 04.00ට නිමාවීමත් සමඟ පස්වරු 04.30ට පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

    මේ වන විට සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම පස්වරු 03.00 පමණ වන විට අවසන් කළ බව ද ඒ මහතා පැවසුවේය.
    මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ අද (21) පස්වරුවේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රංග ශාලා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    ඒ අනුව මධ්‍යම රාත්‍රීය පමණ වන විට මහනුවර දිස්ත්‍රික්කයට අදාල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ හැකි යැයි ද ඒ මහතා පැවසුවේය.
    මැතිවරණ ක්‍රියාවලිය සඳහා රාජ්‍ය නිලධාරීන් 8600ක් ද ගණන් කිරීමේ කටයුතු සඳහා 1500ක් සහ අනිකුත් කටයුතු සඳහා 600ක් යොදවා ඇතැයි ද චන්දන තෙන්නකෝන් මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...