2024 ජනාධිපතිවරණය:ජන්ද විමසීම අවසන්!

Date:

කොළඹ LNW:09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ජන්ද විමසීම මේ වන විට අවසන්ව තිබේ.

පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ ජන්දය විමසීම සිදුකළ අතර ඊළඟ අදියර ලෙස ජන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදුකරයි.

ජන්ද මධ්‍යස්ථාන 13421කදී මෙම ජන්ද විමසීම සිදුකරන ලද අතර ඉතා උද්යෝගයෙන් ජනතාව ඊට සහභාගී වන ආකාරය දක්නට තිබුණි.

ලියාපදිංචි ඡන්ද දායකයින් ගණන 17,140,354කි.

ඒ අනුව දිවයිනේ සියලුම ජන්ද ගණන් කරන මධ්‍යස්ථානවලදී එම කටයුත්ත රාත්‍රී 08ත් 09ත් අතර ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

දිවයිනේ පිහිටි ගණන්කිරීමේ මධ්‍යස්ථාන 429ක තැපැල් ඡන්ද ගණනය කිරීම සිදුවෙන අතර එම කටයුතු ප.ව. 4ට ආරම්භ කිරීමට නියමිතයි.

සාමකාමී ලෙස ජන්ද විමසීම සිදුවූ අතර ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට තිබෙන ඉදිරි කාලය තුළ ද සාමකාමී ලෙස කටයුතු කරන ලෙසත් ජයග්‍රහණයත් සාමකාමී ලෙස සමරන ලෙසත් දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...