මැතිවරණ සමයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් නොමැති බව නිරීක්ෂකයන් කියයි.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර 

සැප්තැම්බර් 21, මහනුවර (LNW): මැතිවරණ සමයේ මහනුවර දිස්ත්‍රික්කය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුව නොමැති බව මැතිවරණ නිරීක්ෂකයන් පවසයි.

පැෆරල් සංවිධානය, යුරෝපා සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ නිරීක්ෂණ කාර්යයේ නිරතවන අතර එහිදී ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නොමැති බව ඔවුන් පැවසූහ.

රාජ්‍ය දේපල අවභාවිතා වීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ආදිය තමන් නිරීක්ෂණය කළ බවත් ඉතුත් ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙවර තමන්ට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව බෙහෙවින් සීමා සහිත යැයි ද එම සංවිධාන නියෝජිතයන් පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකළ නිරීක්ෂණයේදී සාමකාමී මැතිවරණ තත්ත්වයක් තමන්ට නිරීක්ෂණය වූ බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...