ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් ඡන්දය ප්‍රකාශ කළ අයුරු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ (LNW):

කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී , ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්දය භාවිත කළේය. එහිදී ඔහු පවසා සිටියේ,

“මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා.”

මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් බවත්, රට විනාශ කළ සාම්ප්‍රදායික දේශපාලනයෙන් සහ ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත්ව රට තුළ නව සමාජ හා දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමට ලැබෙන වටිනා අවස්ථාවක් බවද ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.