අපි ගෙනාවා විවෘත ආර්ථිකය. ඒක කොච්චර හොඳයිද කියලා මගෙන් අහන්න එපා, වසන්ත සමරසිංහගෙන් අහගන්න – රනිල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් 2022 වසරේ රට බාරගන්නා අවස්ථාවේදී දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 76.8ක් වූ නමුත් තමන් ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන අවස්ථාව වනවිට එය ඇමරිකානු ඩොලර් බිලියන 22කින් ඉහළ නැංවීමට තමන්ට හැකිවුණු බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“අද මේ සංවත්සරය මෙලෙසින් පවත්වන්න එක හේතුවක් තියෙනවා. ඒ තමයි මාව අත් අඩංගුවට ගැනීම. මොකක්ද ආණ්ඩුව කියන්නෙ ? මම මිලියන 16ක් අරගත්තා ලු. මම 2022 රට බාරගන්නකොට දළ දේශීය නිෂ්පාදිතය බිලියන 76.8 යි. මම අනුර කුමාර දිසානායකට බාරදෙනකොට බිලියන 98.9 යි. ඇමරිකන් ඩොලර්. වෙන එකක් නෙවෙයි. ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොනවටද මේවා අරගන්නෙ ?

මේ රටේ හොරු කියලා ඔක්කොම අරගන්ට යනවා. දූෂණයට විරුද්ධව ක්‍රියාකරන එකට අපි කවුරුවත් විරුද්ධ නෑ. ඒක අපියි අඩිතාලම පටන් ගත්තේ. ජාතික විගණන නීතිය අපියි 2018දී සම්මත කළේ. 2022 ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ දූෂණය. ඒ නිසා දූෂණ විරෝධී පනත ගෙනල්ලා අපියි සම්මත කළේ…. දූෂණය විරුද්ධව ක්‍රියා කරන එකට අපි කවුරුවත් විරුද්ධ නෑ. දැන් මේක දූෂණයට සීමා වෙලා නෑ. සමහර තැන්වල දූෂණයට මුවා වෙලා කටයුතු කරනවා. මෙහෙම විපක්ෂ නායකයින් නිශ්ශබ්ද කරලා තමයි ඒකාධිපතිවාදය හදන්න යන්නේ…

දැන් කතා කරලා කියන්නෙ අවුරුදු 78ක් මොකක්ද කළේ කියලා. අපි නිදහස ලැබුවාට පස්සේ ඩී.එස් සේනානායක අගමැතිතුමා යටතේ මධ්‍ය මහා විද්‍යාල 50ක් හැදුවා දැන් 1000ක් තියෙනවා. 987ක් තිබුණා 2023දී ඒ කියන්නේ 1948 ඉඳන් අපි එක මාසෙක එක මධ්‍ය මහා විද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා…. අද කොහෙද විදුලි බලය නැත්තේ, හැම ගෙදරම රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා. එහෙම තියන එක දකුණු ආසියානු රටක් මට කියන්න. මේකද හොරකම …?

අපි ගෙනාවා විවෘත ආර්ථිකය. ඕනෙ කෙනෙක්ට හම්බ කරන්න. ඕනෙ තරම් උදාහරණ තියෙනවා. මගෙන් අහන්න එපා ඒක කොච්චර හොඳයිද කියලා, වසන්ත සමරසිංහ ඇමතිතුමාගෙන් අහන්න”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹදී පැවති එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...