මගේ ඇමරිකන් ඩොලර් 153499 තාත්තාගෙන් ලැබුණු තෑග්ගක් – ඇමති චතුරංග ධනය කළමනාකරණය ගැන කියයි

Date:

තමන්ගේ ආරම්භක වැටුප 2008 වසරේදී රුපියල් 75000ක් වූ අතර 2018 වනවිට එය රුපියල් ලක්ෂ 5 ඉක්මවා තිබුණු බවත් සැලසුම් සහගතව කළමනාකරණයකින් යුතුව එම මුදල් ආයෝජනය කිරීම හේතුවෙන් තමන්ට විශාල වත්කම් උපයා ගැනීමට හැකිවූ අතර සියලු දෙනාම ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ශක්තිමත් ආර්ථිකයක් සකස් කරගත හැකි බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ඒ මහතා සිය වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පළකර ඇති සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.


වත්කම් Assets

මේ වගේ මාතෘකා අයාලේ යන්න දෙන්න හොදනෑ. ඇත්තටම මාතෘකාව Wealth Management ධනය කළමනාකරණය

මේ මාතෘකාව පුද්ගලික ධන කළමනාකරණය හා ආයතනයක ධන කළමනාකරණය කියල වෙන වෙනමත් අපිට හදුන ගන්න පුලුවන්, මේ සඳහා තියන Subject එක වෘතීය තමයි Wealth Manager මේ සදහා ගන්න ඉහලම වෘතිය සුදුසුකම CFA මේ වෘතීය සුදුසුකමට ලඟම උසස් අධ්‍යාපනය තමයි මූල්‍ය කළමනාකරණය උපාධිය Finance ඉතින් මේ දෙකම මගේ විශය පතය නිසා හෑල්ලක් ලියන්න හිතුණා.

Wealth Management ධනය කළමනාකරණය හා Wealth Maximizing කියන්න ඉතාම වැදගත් විශය පතයක්. මේ මම ලියන එක හැමෝටම වැදගත් වෙයි

Wealth එක නිර්මාණය වෙන්නෙ ආධායම් වලින් වියදම් අඩු කරල ඉතිරි වෙන එකෙන්, ඒ ඉතිරි වෙන එක අපිට මුදල් ලෙස හෝ වත්කම් වල ආයෝජනය කරන්න පුලුවන්. තියන ධනය වැඩි කරගන්න නම් අපි ධන උත්පාදනය ආයෝජනයක් කරන්න ඕනේ එහෙම නැතිව අතේ තියන් හිටියොත් එහි මුහුනත අගය හීන වෙනවා. අපිට තියන අතිරික්ත ආදායම් අපි පරිබෝජනය කලොත් හරි වියදම් වැඩි වෙන දේක දැම්මොත් ධනය විනාශ වෙනවා.

උදාහරණයක් ලෙස අපි ඉතිරි කල ධනය පුද්ගලික පරිබෝජනයට වාහනයක් ගත්තොත් හරි ගෙයක් හැදුවොත් හරි තාක්ෂණිකව වියදම් වැඩිවෙනවා. ( ලංකාවෙනම් වාහන දුවන්න දුවන්න අගය වැඩිවෙන එක අසාමාන්‍ය තත්වයක්) හරිනම් වත්කමක ආයු කාලය සමග අගය අඩුවෙනවා. ලංකාවෙ වෘතීකයන් කරන වැරදි වැඩක් තමයි තම ආදායමට නුසුදුසු පරිබොජන රටාවකට යන එක, ඒ කියන්නෙ අදායම භාවිතා කරල ඒ ආදායමට දරන්න බැරි බැංකු ණය අරන් වාහන ගන්න එක හා ගෙවල් හදන එක. අපි බැංකු ණයක් ගත්තොත් ඒකෙ පොලියක් තියෙනවා. ඒ පොලියට සාපේක්ෂව අදායම වැඩි වෙන්නෙ නැත්තම් ධනය විනාශ වෙනවා. මේ කාරණය අපේ ව්‍යාපාරික මහත්වරු හරියට කරනවා, කරල බැංකුවට බණිනවා. ඇත්තටම ණයක් අරන් අපි කරන්න ඕනේ ආයෝජනයක් මිසක් පරිබෝජනයයක් නෙමේ

මගේ ආර්ම්භක වැටුප 2008 රු 75,000ක් එතකොට අපේ තාත්ත රජයෙ ඉහලම තනතුරක වසර 25ක් සේවය සමඟ ලංකාවෙ වසංගත රෝග අංශයේ ප්‍රධානියා, පඩිය රු 85,000යි. ඒ කාලෙම 2009 මට standard charted බැංකුවෙන් Credit Card එකක් දුන්න, එදා ඉදන් මම Credit කාඩ් භාවිතා කරනවා, හැබැයි අද වෙනතුරු පොළියක් ගෙවල නෑ ☺, Credit කාඩ් එක හරියට භාවිතා කලොත් ඒක ධනය උත්පාදන ක්‍රමයක් මොකද ඒක අපිට දින 45ක් පොලී රහිත ණයක් දෙනවා තව discount, benift දෙනවා 😀 මම HCBC එකකුත් පස්සේ ගත්තා discount ගන්න, මොක්ක්ද රහස මගේ මාසික ආදායමට අඩුවෙන් CC වියදම තියාගන්න තියන විනය. අනේ අපේ යාලුවො සමහරු ඒකෙන් කාලා බීල නටල මාසටෙ 28%ක් ගෙවල ධනය විනාශ කරගත්ත. මේ අතර මම අධ්‍යාපනයට ආයෝජනය කලා CIMA, CFA කලෙත් මේ ආදායමෙන්.

මගේ අධායම රු 120,000ක් වෙන්නෙ 2010, එදා තමයි තීරණය කලේ මේක අතට ආවොත් අනිවාර්යයෙන් මේක නාස්ති වෙනවා ඒ නිසා ණයක් කරන් ඉඩමක ආයෝජනය කරමු කියල. 2012 තමයි අතේ තිබ්බ ඔක්කොම ඉතුරුම් දාල ණයක් අරන් ඉඩමක ආයෝජන කලේ, ඉඩමෙ ණය 2020 වෙනකොට ගෙවල ඉවරයි ☺ අපි පවුලක් ලෙස අනිවාර්යයෙන් රු 40,000 මාසෙකට වෙන් කලා. මම වාහනයක් ගන්නෙ 2018 එතකොට මගේ ආදායම රු ලක්ශ 5 පැනල, එතකම් වාහනයක් ගත්තේ නෑ ☺ ඉතින් ඒකත් ආයෝජනයක්. අද ණය නෑ වත්කම් තියනවා.

හැම මාසෙම අදායමෙන් 20% පමණ ඉතිරි කලා. එහෙම කරන්න දක්ෂම ඉතින් බුද්ධිමත් partner කෙනෙක් ඉන්නත් ඕනෙ, අදායමට සාපේක්ෂව අපේ වියදම් වැඩ් වුනාට ඉතිරිය හරිම වැදගත්. මේ ඉතිරි කරන දේ බැංකුවෙ ස්ථාවර තැන්පතු ලෙස දැම්ම එතකොට පොලී ආදායම එක්ක ඒව වර්ධනය වෙනවා. මට අතට ලොකුම මුදල ලැබෙන්නෙ රස්සාවෙන් අයින් උනාම රු ලක්ශ 80ක් විතර පාරිතෝශිකය, මේක Money Markets Fund එකයි භාණ්ඩාගාරය බිල්වලයි ආයොජනය කරනවා.

අපි ඉතුරු කරා වගේමෙ මාස තුනකට හරි සැරයක් විනොද චාරිකාවක්, වසරකට සැටක් විදේශ චාරිකාවක් ගිය පවුලක්, ධනය හරියට කළමනාකරණය කරන්න එතකොට පුදුම වෙන්නෙ දෙයක් නෑ. ධනය වර්ධනය කරගන්න පුලුවන්.

දේශපාලනයට එනකොට මේ ආයේ සක්‍රීයව ධනය උත්පාදනය කරන්න බෑ ඒ නිසා ජීවිතේ යම් කැපකිරීමක් කරන්න වෙනවා. අපේ තාත්‍ත වසර 10ට වැඩි කාලයක් වැඩ කලේ WHO එකේ ඒ නිසා එයාට විශාල මාසික $ අදායමක් ආවා, අම්ම තාම රස්සාව කරනවා ඒ දෙන්නට මාසික ආදායම් තියෙනවා. අර $ ඉතුරුම් මටයි මල්ලිටයි ත්‍යාග ලෙස දුන්නා, වෙන තාත්තල දෙන්නෙ මැරෙනකම් දෙන්නෙ නෑ නේ ☺ මල්ලි ඒක ආයෝජනය කලා මම ඒක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තැන්පත් කලා

මේගෙම තමයි Wealth Management කරන්නෙ, නොකා නොබී නෙමේ විද්‍යාත්මකව, මේ දේ වෘතිකයෙක් හෝ ව්‍යාපාරයක් කලොත් ඉතාම ශක්තිමත් Balance Sheet එකක් හදන්න පුලුවන්. මේ දැණුම තමා මහ පොලවෙ ණැත්තේ.

අනික මාලිමාවෙ අපි හැමෝටම සරල් ජීවිත තියෙන්නෙ ඒ වගේමෙ මේව Clean Balance sheet, අනීතික කිසිවක් නෑ. රජයට බදු නොගෙවල නෑ. 2023 පමණක් මම රජයට රු මිලියන 5ක බදු ගෙවල තියෙනවා ☺

ඉතින් ඔබ්ත් ඔබේ පවුලට, ඔබේ ව්‍යාපාරයට ශක්තිමත් Clean Balance Sheet එකක් හදාගන්න. එතකොට ඕනෙ බැංකුවක් ණය දෙයි. තව එකක් Finance කරපු Partner කෙනෙක් ජීවතට සෙට් කරගන්න ඒතකොට අදායම් හොයන්න ඕනේත් නෑ 😂

හිරුට Magic 😂

~ චතුරංග අබේසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්දු යැවීමේ සැළසුම අවුල්වීමෙන් අපතේ ගිය දසුන්ගේ හැකියාව

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 21, කොළඹ LNW: අවසන් පූර්ව වටයට පිවිස මුහුණ දුන්...

පුහුණු විදේශ සේවක වීසා අයදුම්කරුවන් සඳහා ට්‍රම්ප් ඩොලර් 100,000 ක නව ගාස්තුවක් අය කිරීම ඉන්දීය සමාගම්වල විවේචනයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

අපි ගෙනාවා විවෘත ආර්ථිකය. ඒක කොච්චර හොඳයිද කියලා මගෙන් අහන්න එපා, වසන්ත සමරසිංහගෙන් අහගන්න – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල තමන් 2022 වසරේ රට බාරගන්නා අවස්ථාවේදී...