වැසි තත්වයේ වර්ධනයක් – අද (21) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (සැප්තැම්බර් 21) දිනයේදී බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්දු යැවීමේ සැළසුම අවුල්වීමෙන් අපතේ ගිය දසුන්ගේ හැකියාව

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 21, කොළඹ LNW: අවසන් පූර්ව වටයට පිවිස මුහුණ දුන්...

පුහුණු විදේශ සේවක වීසා අයදුම්කරුවන් සඳහා ට්‍රම්ප් ඩොලර් 100,000 ක නව ගාස්තුවක් අය කිරීම ඉන්දීය සමාගම්වල විවේචනයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

අපි ගෙනාවා විවෘත ආර්ථිකය. ඒක කොච්චර හොඳයිද කියලා මගෙන් අහන්න එපා, වසන්ත සමරසිංහගෙන් අහගන්න – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල තමන් 2022 වසරේ රට බාරගන්නා අවස්ථාවේදී...