පන්දු යැවීමේ සැළසුම අවුල්වීමෙන් අපතේ ගිය දසුන්ගේ හැකියාව

0
149

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 21, කොළඹ LNW:

අවසන් පූර්ව වටයට පිවිස මුහුණ දුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකාව බංගලාදේශය ඉදිරියේ කඩුලු 6 න් පරාජය වීමත් සමඟ ආසියානු කුසලානය සම්බන්ධ බලාපොරොත්තු යම් තරමකින් බිඳ වැටුණු බව සත්‍යයකි.ජය ගැනීමට හැකිව තිබූ තරගයක් පරාජය වූ බවට දැනෙන හැගීම ක්‍රීඩකයන්ට තදින් දැනෙනවා සැක නැත.


මූලික වශයෙන් ප්‍රධාන පන්දු යවන්නෙක් නැතුව තරගයට පිවිසීමේ ආදීනව විඳින්නට වූ තවත් අවස්ථාවක් ලෙස මේ පරාජය හැඳන්විය හැකිය.ඒ ශ්‍රී ලංකාව මෑත කාලයේ දී තරග වඳින ස්වභාවය වන්නේය.එහෙත් ඒ ස්වභාවය වෙනස් කර තරගයට මුහුණ දීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබුණේය.ඒ අතිරේක පන්දු යවන්නෙක් ලෙස කැඳ වූ දසුන් ශානක හොඳින් පන්දු යවමින් සිටි බැවින් ඔහුට පන් ඕවර් 4 යැවීම පවරන්නට තිබිණ.


දසුන් ශානකව යොදා ගැනීම වෙනුවට පන්දු යැවීම සඳහා කමිඳු මෙණ්ඩිස් කැඳ වූ පන්දු ඕවරය තරගය බංගලාදේශය දෙසට හැර වූ ඕවරය විය.එහිදී ලකුණු 16 ක් උඳුරා ගන්නට බංගලාදේශය සමත් විය.එහෙත් දසුන් අවසාන පන්දු ඕවරයේද ජයග්‍රහණයට කඩුලු 6 ක් අතැතිව ලකුණු 5 ක් අවශ්‍යයව සිටි බංගලාදේශ කණ්ඩායටෙ දසුන් ජයග්‍රහණය ලබා දුන්නේ පස්වන පන්දුවේදී ය.ඒ අතර කාලයේදී කඩුලු දෙකක් ද උඳුරා ගන්නට දසුන් සමත් වන්නේය.


ඒ බංගලාදේශ ඉණිම තුළ අපට වැරදුණු තැනය.පන්දු යැවීම එක පන්දු ඕවරයකින් නොව පන්දු දෙකකින් ද වැරදෙන්නට ඉඩ ඇති විස්සයි විස්ස ආකෘතිය තුළ වැරදි තීරණයකින් බංගලාදේශයට හිමි වූ කමිඳු ගේ පන්දු හය තරගය වෙනස් කළේය.පන්දුවට පහර දීමේදී මෑතකාලීනව ජයග්‍රාහී ඉණිම දෙකක්ම ක්‍රියාත්මක කළ කමිල් මිශාර ඔහුගේ අනන්‍යතාවය ලෙස පෙන්වන්නේ පිටියේ තැන්පත්වීමට ඔහුට යම් කාලයක් අවශ්‍යය බවය.එහෙත් ඒ සදහා ලකුණු නොපැමිණෙ විට ඇති වන පීඩනය නිසා ඔහු දවී යාමෙන් සිඳුවන්නේ වැඩි පන්දුු ගණනකදී අඩු ලකුණු ගණනක් ලබා ගැනීමට වැඩි පන්දු ගණනක් භාවිතා කර දැවී යාමය.කමිල්ගෙන් එම වරද ඊයේ ද සිඳු විය.ඔහු පන්දු 11 දී ලකුණු 5 ට දැවී ගියේය.එහි නරක තත්ත්වය එම පීඩනය කුසල් මෙණ්ඩිස්ට ද යම් ආකාරයකින් බලපෑමක් ඇති කිරීමය.


ඉතා කුඩා හතඓ් සීමා සහිත පිටියක ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 168 ප්‍රමාණවත් ද යන්න ද ගැටළුවකි.එහෙත් ඒ දක්වා යන්න ද හැකි වුයේ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් ගොඩ නැඟු ආරම්භය ද,පසුව චරිත් අසලංක සහ දසුන් ශානක ඇති කළ සබඳතාවයද හේතුවෙන්ය.විහේෂයෙන් දසුන් ඊයේ තරගය තමන් සහ බංගලාදේශය අතර තරගයක් බවට පත් කර ගනිමින් පන්දු 37 දි රැස් කළ නොදැවී ලකුණු 64 ශ්‍රී ලංකා ඉණිම ලකුනු 168 දක්වා ගෙන ගියේය.


ශ්‍රී ලංකා ඉණිම ලකුණු 180 ට ආසන්න ගණනකට යාමට තිබුණ ඉඩ වළක්වා ලූ පන්දු ඕවරය වූයේ 19 වන පන්දු ඕවරය ය.එහිදී ලකුණු 4 ක් හිමි වෙද්දී මුස්තෆයිසර් රහුමාන් ශ්‍රී ලංකාවේ කඩුලු තුනක්ම දවා ගන්නට සමත් විය.එම කඩුලු 3 වෙනුවට ලකුණු 3 ක් ආවත් ශ්‍රී ලංකාවට ලකුණු 175 වැනි ලකුණු ප්‍රමාණයකට යාමේ හැකියාව තිබිණි.


කුඩා ප්‍රමාණයේ පිටියක විස්සයි විස්ස ආකෘතිය ඇතුළේ ලකුණු 168 ක් රැක ගැනීමට සටන් කිරිම පහසු නොවුණත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිය වගකීම් ඉටු කළහ.කමිඳුගේ පන්දු ඕවරය හැරුණු විට ඔවුන් සිය උපරිමයෙන් තරග වැදුණ අතර නුවන් තුෂාර ලකුණු එන්නට පෙරම බංගලාදේශයෙන් කඩුල්ලක් උඳුරා ගැනීමෙන් ඇති කළ පීඩනය ඒ අතරින් විශේෂය.


එහෙත් පීඩනයට එරෙහි ප්‍රති පීඩනය ගොඩ නඟමින් ක්‍රීඩා කළ සායිෆ් හසන් පන්දු 45 දී ලකුණු 61 ක් සහ තව්හිඩ් හිඩ්‍රෝයි පන්දු 37 දී ලකුණු 58 ක් ලබමින් දියත් කළ ඉණිම් තරගය බංගලාදේශය දෙසට නැඹුර කරන්නට සමත් විය.එහෙත් අවසාන පන්දු ඕවර් දෙක තුළ දී කඩුලු 7 ක් අතැතිව ලකුණු 12 ක් පමණක් ජයග්‍රහණයට අවශ්‍යයව සිටි බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ඇති කළ පීඩනය ප්‍රශස්ත එකක් විය.19 වන පන්දු ඕවරයේදී හිඩ්‍රෝයිගේ කඩුල්ල ද සමඟ ලකුණු 7 ට සිය පන්දු ඕවරය සීමා කරමින් චමීර කැපී පෙණුන අතර 20 වන පන්දු ඕවරය පැවරුණු ශානක එම පන්දු ඕවරය යැවූ අයුරු මීට ඉහත සඳහන් කර ඇත.


තරගයේ 14 වන පන්දු ඕවරයේ දී හසරංග විසින් සාටිෆ් හසන්ව දවා ගැනීමෙන් අනතුරුව එම ඕවරය නිමා වෙද්දී ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 114 ක් විය.ඒ වන විට පන්දු ඕවර් 2 දි ලකුණු 16 ක් පමණක් ලබා දී සිටි දසුන්ව පන්දු ඕවර් 4 සඳහා යොදා ගැනීම අමතක කළ චරිත්,කමිඳුව කැදවූ අතර ඔහු ඒ වන විට පන්දු 36 දී ජයග්‍රහණයට අවශ්‍යයව තිබුණු ලකුණු 55 ප්‍රමාණය සිය ඕවරය අවසාන වන විට පන්දු 30 දී ලකුණු 39 දක්වා පහතට ගෙන ආවේය.තවත් ආකාරයකින් ලකුණු සහ පන්දු අතර තිබුණු පන්දු 19 ක පරතරය පන්දු 9 දක්වා අඩු කර දුන්නේය.


තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන්න. https://bit.ly/3Voun5t