යුක්රේනය පුරා මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසියානු හමුදාව විසින් යුක්රේනය පුරා ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ අතර, අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදු වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියාව ඩ්‍රෝන යානා 580 ක් සහ මිසයිල 40 ක් දියත් කළ බවත්, ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක්, මයිකොලයිව්, චර්නිහිව්, සපොරිෂියා, පොල්ටාවා, කියෙව්, ඔඩේසා, සුමි සහ කාර්කිව් ඇතුළු කලාප නවයක් හරහා ප්‍රහාර එල්ල වූ බවත්ය.

යුක්රේන හමුදා රුසියාවේ නිරිතදිග සමාරා කලාපයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ අතර, අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය බව ආණ්ඩුකාර වියචෙස්ලාව් ෆෙඩෝරිෂ්චෙව් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය.

මෙම කලාපය යුක්රේනයේ ඉදිරි පෙළේ සිට කිලෝමීටර් 800 (සැතපුම් 497) දුරින් පිහිටා ඇත.


යුක්රේනයේ SBU ආරක්ෂක ඒජන්සිය උපුටා දක්වමින් රොයිටර් පුවත් ඒජන්සිය පැවසුවේ, යුක්රේන ඩ්‍රෝන යානා වොල්ගොග්‍රෑඩ් සහ සමාරා කලාපවල කුයිබිෂෙව්-ටිකොරෙට්ස්ක් තෙල් නල මාර්ගයේ කොටසක් වන රුසියානු තෙල් පොම්පාගාරවලට පහර දුන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ හා වරප්‍රසාද මුදල් කප්පාදුකර සහන වඩපිළිවෙලට යොදන්න – මන්ත්‍රී රවීගෙන් යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත්...

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...