ජනපති අනුර හෙට අම‍ෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW :

හෙට (22) රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අම‍ෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත බවත් (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බවත් පැවසේ.

තවද, මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතයි. ජනාධිපතිවරයා අම‍ෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද සහභාගී වීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...