රෑ වෙනකං බාර් අරින්න ඩයනාගෙන් යෝජනාවක්

Date:

රට ඉදිරියට ගෙනයාමට නම් සියලු දෙනා තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බව ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය පවසනවා.

කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවලදී දැඩිලෙස කතාබහට ලක්කළ ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මධ්‍යම රාත්‍රිය වනතුරු හෝ මත්පැන් හල් විවෘතව තැබිය යුතු බවයි. රාත්‍රී 09 ට මත්පැන් හල් වසා තැබීමෙන් සිදුවන්නේ පස්ස දොරින් මත්පැන් විකිණීම බවත් ඒ හරහා රජයට ලැබිය යුතු විශාල බදු මුදලක් අහිමි වන බවත් ඇය පෙන්වා දෙනවා.

මත්පැන් හල් වසා තැබුවද අවශ්‍ය පුද්ගලයන්ට මත්පැන් සපයා ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැති බවද ඇමතිවරිය පෙන්වා දෙනවා.

සෑම සුපිරි වෙළඳසැලකටම බියර් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබාදිය යුතු බවත්, බියර් වැනි සාමාන්‍ය මත්පැන් වර්ග මිලදී ගැනීම හැකිතරම් පහසු කළයුතු බවත් ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කරනවා.

නයිට් ලයිෆ් සම්බන්ධයෙන් තමා පළකළ අදහස් ඇතැමුන් වැරදි ලෙස වටහාගෙන ඇති බවත්, ඇතැමුන් නයිට් ලයිෆ් තේරුම් ගෙන තිබෙන්නේ ගණිකා වෘත්තිය ලෙස බවත් ඇමතිවරිය පවසනවා. නයිට් ලයිෆ් යනු පවුල් පිටින් ගොස් රාත්‍රී කාලයේදී විනෝදවීමට අවස්ථාව ලබාදීම බවද ඇය ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...