රෑ වෙනකං බාර් අරින්න ඩයනාගෙන් යෝජනාවක්

Date:

රට ඉදිරියට ගෙනයාමට නම් සියලු දෙනා තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බව ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය පවසනවා.

කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවලදී දැඩිලෙස කතාබහට ලක්කළ ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මධ්‍යම රාත්‍රිය වනතුරු හෝ මත්පැන් හල් විවෘතව තැබිය යුතු බවයි. රාත්‍රී 09 ට මත්පැන් හල් වසා තැබීමෙන් සිදුවන්නේ පස්ස දොරින් මත්පැන් විකිණීම බවත් ඒ හරහා රජයට ලැබිය යුතු විශාල බදු මුදලක් අහිමි වන බවත් ඇය පෙන්වා දෙනවා.

මත්පැන් හල් වසා තැබුවද අවශ්‍ය පුද්ගලයන්ට මත්පැන් සපයා ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැති බවද ඇමතිවරිය පෙන්වා දෙනවා.

සෑම සුපිරි වෙළඳසැලකටම බියර් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබාදිය යුතු බවත්, බියර් වැනි සාමාන්‍ය මත්පැන් වර්ග මිලදී ගැනීම හැකිතරම් පහසු කළයුතු බවත් ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කරනවා.

නයිට් ලයිෆ් සම්බන්ධයෙන් තමා පළකළ අදහස් ඇතැමුන් වැරදි ලෙස වටහාගෙන ඇති බවත්, ඇතැමුන් නයිට් ලයිෆ් තේරුම් ගෙන තිබෙන්නේ ගණිකා වෘත්තිය ලෙස බවත් ඇමතිවරිය පවසනවා. නයිට් ලයිෆ් යනු පවුල් පිටින් ගොස් රාත්‍රී කාලයේදී විනෝදවීමට අවස්ථාව ලබාදීම බවද ඇය ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...