දේශපාලන කොමිසමකින් වෙන්නේ මර්දනයක් මිස නියාමනයක් නෙවෙයි – චම්පික

Date:

කොළඹ LNW:ජනාධිපති විසින් පත් කරන ලද දේශපාලනික කොමිසමකට සමාජ මාධ්‍ය හා පොදුවේ අන්තර්ජාලය භාවිත කොට සිදු කරගෙන යන සමාජීය ප්‍රචාරණයන් නියාමනය කිරීමේ බලය ලබා දීමෙන් සිදුවන්නේ ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ මතවාදය අනුව මර්දනය කිරීමක් පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙම නියාමන කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කරන සම්පූර්ණ දේශපාලන කොමිසමක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

“සමාජ මාධ්‍ය හා පොදුවේ අන්තර්ජාලය භාවිතා කොට සිදුකරගෙන යන සමාජීය ප්‍රචාරණයන් නියාමනය කිරීමේ මුවාවෙන් නව පනත් කෙටුම්පතක් ගැසට් කරලා තියෙනවා. මෙහි මුඛ්‍ය අභිමතාර්ථය හැටියට පෙන්නලා දීලා තියෙන්නේ රට තුළ වැරදි තොරතුරු ජනගත කිරීම වැළැක්වීම. ඒ වගේම වැරදි තොරතුරු මත පදනම් වෙලා රට තුළ යම් යම් කලකෝලාහල ඇතිවීම වැළැක්වීම. ඒ වගේම සම්පූර්ණ අසත්‍ය තොරතුරු එහෙම නැත්නම් තොරතුරක් විකෘති කොට පළකිරීම මගින් සිදුකරන අයුක්තිසහගතව යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට රටකට රාජ්‍ය යන්ත්‍රයට සිද්ධවෙන දෑ වැලැක්වීම වැනි අදහස්වලියක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මේ සඳහා පත්කරන කොමිෂන් සභාව, ජනාධිපතිවරයා පත්කරන සම්පූර්ණ දේශපාලන කොමිෂන් සභාවක්. එතකොට එම දේශපාලන කොමිෂන් සභාවේ පූර්ව විනිශ්චයට මේ සියලු දෑ ලක්වෙනවා. අපිත් පිළිගන්න දන්නවා අසත්‍ය දෑ මඩ ප්‍රචාර ඒ වගේම ජනවාර්ගික සමාජ කලකෝලාහල ඇතිවීමට තුඩු දෙන ආකාරයේ සමාජ මාධ්‍ය ප්‍රචාරණයන් සිද්ධ වෙනවා. ඒවා මේ රට තුළ සිදුවෙන දෑ විතරයි මේකෙන් නියාමනය හෝ මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. විදේශ රටවල ඉඳන් කරන ලාංකිකයන්ගේ දෑ මර්දනය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ.

දත්ත සේවා එහෙම නැත්නම් ඩිජිටල් සර්විසස් සඳහා බදු අය කිරීමක් කෙරෙන්නේ නැහැ. ලෝකයේ එවැනි බදු අය කිරීමක් නොකරන රටවල් හයෙන් එකක් ලංකාව. අනෙක් සෑම රටක්ම මේ සඳහා බදු අය කරනවා. මම හිතනවා මේ රටේ සාමාන්‍ය ජනයා වැඩ කරන ජනයාගේ ඊ පී එෆ් එක, ඊ ටී එෆ් එකට ගහන්න හදන ආණ්ඩුව. මේ රටේ වෘත්තීයමය පඩි පතට ගහලා ඒ වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් රටෙන් පන්නා දමන ආණ්ඩුව. මේ මහා සමාගම් වලින් බදු අය නොකර ඉන්නේ ඇයි කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේක පාර්ලිමේන්තුවේත් පැන නගලා, අපි මේ ගැන නිර්දේශත් කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුව තාම ගොළුවත රකිනවා. ඒ නිසා මහා භාණ්ඩාගාරය හා විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීමක් තියෙනවා මේ පිළිබඳ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ ඩිජිටල් සර්විසස් වලින් මේ රටට ලැබිය යුතු බද්ද, මේක ඉන්දියාව කරනවා නම්, ඇයි අපි කරන්නෙ නැත්තේ? අපට ලැබිය යුතුයි. ඒවා සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේ සමාජ ජාලා ක්‍රියාකාරිකයන් හා සමාජ ජාලා මර්දනය කිරීමට තැත් කිරීම අපි තරයේම හෙළා දකිනවා.” යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...