ජනාධිපති ලේකම් ධුරය ඇසළ වීරකෝන්ට ?

Date:

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඒ මහතා යටතේ ජනාධිපති ලේකම්වරයා වශයෙන් ජ්‍යේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයකු වන ඇසළ වීරකෝන් මහතාව පත්කිරීමට යෝජනා වී ඇති බව ජාතික ජන බලවේගයේ ආරංචිමාර්ග පවසයි.

සාක් (SAARC) සංවිධානයේ හිටපු මහලේකම්වරයකු ද වන ඇසළ වීරකෝන් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුර දැරූ අයෙකු වේ.

එමෙන්ම ඒ මහතා මෙරට අගමැතිවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ ලේකම්වරයකු වශයෙන් සේවය කළ සුප්‍රකට බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ පුත්‍රයා ය.

ඇසළ වීරකෝන් මහතා ජනාධිපති ලේකම් තනතුර සඳහා ඉතාම සුදුස්සෙකු බව ජාජබ ඉහළ මට්ටමේ සාකච්ඡාවලදී පිළිගැනීමට ලක්ව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...