හිටපු JVP මන්ත්‍රීවරුන් පිරිසක් JVPයට එරෙහිව නඩු පැවරීමට සූදානමින් ?

Date:

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කළ පිරිසක් එම පක්ෂයට එරෙහිව නඩු පැවරීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

ඒ, තමන් මන්ත්‍රී ධුර දැරූ සමයේදී තමන්ගෙන් පක්ෂයට ලබාගත් මන්ත්‍රී වැටුප් ආපසු තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට වත්මන් රජය කටයුතු කිරීමත් සමග මෙම හිටපු මන්ත්‍රීවරුන් පිරිස මේ තීරණයට එළඹ ඇති බව සඳහන්.

තමන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කළ සමයේදී තමන්ට පාර්ලිමේන්තුවෙන් ලැබුණු සම්පූර්ණ වැටුප පක්ෂයට ලබාගත් බවත් දැන් මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසි කිරීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කටයුතු කළහොත් තමන්ට ජීවත් වීමට කිසිදු මාර්ගයක් නොමැති බවත් එම හිටපු මන්ත්‍රීවරු පවසති.

ඒ අනුව, ඔවුන් කණ්ඩායමක් පසුගිය දිනවල කොළඹ නුදුරු ප්‍රදේශයකදී රැස්වී සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...