අක්කලා නංගිලාගේ දස්කම් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 22, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන එක් දින තරගයද ශ්‍රී ලංකාව ජය ගන්නට සමත් වුණා.ලකුණු 29 න් ජය ගත් එම තරගයේ දී දෙපිළේම පිතිතාරිණියන් වෙතින් විශාල ඉණිම් වාර්තා නොවීම කැපී පෙණුනා.ඒ අතරින් සංජනා කාවින්දි සහ රශ්මි නේත්‍රාංජලී ලකුණු 24 බැගින් ලබා ගැනීම තරගයේ හොඳම ඉණිම් බවට පත් වුණා.ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ෂිලෝ ජුලියන් සහ නායිකා සමාරා ඩුල්වින් ලකුණු 22 බැඟින් ලබා ගත්තා.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉණිමේ දී රශ්මිගේ නැගණිය වන කඩුලු රකින නෙතංගා ඉසුරාංජලී ලකුණු 21 ක් වේගවත්ව රැස් කරමින් පළමු තරගයේදී මෙන්ම කඩුල්ල පිටුපස සිට ස්ටම්ප් දෙකක් ලබා ගනිමින් සහ එක් උඩ පන්දුවක්ද ලබා ගන්නට සමත් වුණා.එහෙත් තරගයේ තීරණයට බල පෑ එම දස්කම වෙනුවට ඇයගේ අක්කාගේ ලකුණු 24 සහ දවා ගත් කඩුල්ලට මුල් තැන දෙමින් තරගයේ වීරවරිය ලෙස රශ්මි නේත්‍රාංජලීව නම් කරන්නට යෙදුණා.


පන්දු යැවීමේදී දෙපිලෙන්ම කැපී පෙණුනේ ලකුණු 24 ට කඩුලු 3 ක් දවා ගත් ඒ්වා ඩෘරි.ඇයට විශේෂ ඇගයීමක් හිමි වුණා.ලකුණු 138 ක් කරා ගිය ශ්‍රී ලංකා පිළට දැඩිම තර්ජනය ඒල්ල කළ පන්දු යවන්නිය වූයේ ඇයයි.
ඒම ලකුණු 138 හඹා යාමේදී මුල සිටම ඒ් සඳහා යා නොහැකි වන අයුරෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් ඔස්ට්‍රේලියා පිතිකාරිණියන්ට බාධා ඇති වුණා.අචිනි තලගුනේ ලකුණු 15 ට කඩුලු 2 ක් සහ ශෂිනි ගිම්හානි ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගත් අතර චමෝදි ප්‍රමෝධ්‍යා පන්දු වාර 4 ලකුණු 11 ට නිම කරමින් ඒක් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.


විස්සයි විස්ස තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලියේ මේ වන විට පැවති තරග දෙකම ජය ගෙන 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...