ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ පෘතුගාලය සමඟ එක්සත් රාජධානිය පලස්තීනය රාජ්‍ය නිල වශයෙන් පිළිගත් බව අගමැති ස්ටාමා නිවේදනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ පෘතුගාලය සමඟ එක්සත් රාජධානිය පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන ඇති බව අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමා ඊයේ(21)දිනයේදී නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් Xහි ප්‍රකාශයට් පත් කරන ලද වීඩියෝ සබැඳියක් හරහා අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, පලස්තීනුවන්ට සහ ඊශ්‍රායල ජාතිකයින්ට සාමය පිළිබඳ බලාපොරොත්තුව සහ රාජ්‍ය දෙකක විසඳුමක් නැවත ඇති කිරීම සඳහා, එක්සත් රාජධානිය නිල වශයෙන් පලස්තීන රාජ්‍යය පිළිත් බවත්, 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ කුරිරු ප්‍රහාරවලින් පසු වහල්භාවයේ තබාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හමාස් සංවිධානය විසින් වහාම නිදහස් කළ යුතු බවත්ය.

කෙසේ නමුත් මෙම තීරණය වෙනුවෙන් කොන්සර්වේටිව් නායක කෙමී බේඩෙනොච් ප්‍රතිචාර දක්වමින් මෙම පියවර “අතිශයින්ම විනාශකාරී” ලෙස විස්තර කළ අතර මෙම තීරණය හමාස් සඳහා කිසිදු කොන්දේසියක් නොමැතිව ත්‍රස්තවාදයට උදව් කිරීමක් බව සඳහන් කර තිබිණි.

කලාපය තුළ බ්‍රිතාන්‍යයේ මැදිහත්වීමේ ඉතිහාසයේ මෙය වැදගත් අවස්ථාවක් වන අතර, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර සිරවී සිටින ජනතාවගේ තත්ත්වය තවත් අසරණ වෙමින් පවතින් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

මේ සමබන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, පලස්තීන රාජ්‍යයක් කිසිදා ඇති නොවන බවත්, එය ඊශ්‍රායලයේ පැවැත්මට අනතුරක් වන බවත්, ජාත්‍යන්තර රටවල් පලස්තීන රාජ්‍ය පිළිගැනීමට ප්‍රතිචාර වශයෙන් බටහිර ඉවුර සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඈඳා ගැනීම සිදු කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...

මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...