ඩොලර් ට්‍රිලියන 5.7 කට වඩා වැඩි වටිනාකමකින් යුත් ලොව විශාලතම යකඩ ලෝපස් නිධිය ඕස්ට්‍රේලියාවේන් සොයා ගැනේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර ඕස්ට්‍රේලියාවේ හැමර්ස්ලි ප්‍රදේශයේ පිල්බරා ක්‍රේටන් හි පෘථිවියේ ඉතිහාසයේ විශාලතම යකඩ ලෝපස් නිධිය භූ විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ජාතික විද්‍යා ඇකඩමියේ (PNAS)විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් මෙම නිධිය සොයාගෙන ඇති අතර මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.7 කට වඩා වැඩි බව ඇස්තමේන්තු කර තිබේ.

එය මෙතෙක් වාර්තා වී ඇති විශාලතම තනි යකඩ නිධිය වන අතර මෙම පුරාණ කබොල යට සැඟවී ඇති විශාල යකඩ නිධිය ග්‍රහලෝකයේ භූ විද්‍යාත්මක ඉතිහාසය නැවත ලිවීමට පවා හේතු විය හැකි බවට විද්‍යාඥයින් උපකල්පනය කරන අතර පිල්බරා ක්‍රේටන් දැනටමත් ප්‍රසිද්ධ භූ විද්‍යාත්මකව ස්ථාවර කලාපයක් වන අතර එය ඕස්ට්‍රේලියාවේ හදවත ලෙස සැලකේ,

කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ සහ බටහිර ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙහි කැනීම් කරන අතර එහි ප්‍රධාන විද්‍යාඥයකු වන කෝට්නි ඩේවිස්ට අනුව, දැනට කරන ලද කැනීම් වලට අනුව, දත්ත මගින් පෙන්නුම් කරන්නේ ප්‍රධාන ලෝපස් සෑදීම වසර බිලියන 1.4 ත් 1.1 ත් අතර කාලයකට පෙර සිදුවන්නට ඇති බවත්,එය කලින් විශ්වාස කළ ප්‍රමාණයට වඩා වසර මිලියන සිය ගණනක අතීතයට යන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...