ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදීම: රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW :

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදීම සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරියට බාධාවන අයුරින් පුද්ගලයෙකු හැසිරීම පිළිබඳ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.

මේ පිළිබඳ පොල්පිතිගම හා රිදීමාලියද්ද යන ප්‍රදේශවලදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් රටවටා මාධ්‍යවේදියෝ සංවිධානය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබෙන බව සඳහන් වේ.

තවද, ඒ පිළිබඳ පොලිස්පතිවරයා වෙත කරුණු වාර්තාකරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච් එස් කේ ජේ බණ්ඩාර මහතා පවසන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙවැනි තත්ත්වයන්ට මින් පෙර ද මුහුණදීමට සිදුව ඇති බවයි.

රටට සත්‍ය තොරතුරු මහජනතාව වෙත ගෙනයන මෙම මාධ්‍යවේදීන්ට තම රාජකාරිය නිසි පරිදි කිරීමට අවශ්‍ය පසුබිම සළසා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට දැනුම් දෙයි..

එමෙන්ම රිදීමාලියද්ද මාධ්‍යවේදියාට පහරදුන් මැරයන් එම ස්ථානයේ සිටි රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරියට ද බාධා පමුණුවා ඇති බව නිරීක්ෂණය වේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ,මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරන ලෙසයි .

මීට අදාළ වීඩියෝ සබැදියාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත යොමුකර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...