ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදීම: රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW :

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදීම සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරියට බාධාවන අයුරින් පුද්ගලයෙකු හැසිරීම පිළිබඳ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.

මේ පිළිබඳ පොල්පිතිගම හා රිදීමාලියද්ද යන ප්‍රදේශවලදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් රටවටා මාධ්‍යවේදියෝ සංවිධානය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබෙන බව සඳහන් වේ.

තවද, ඒ පිළිබඳ පොලිස්පතිවරයා වෙත කරුණු වාර්තාකරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච් එස් කේ ජේ බණ්ඩාර මහතා පවසන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙවැනි තත්ත්වයන්ට මින් පෙර ද මුහුණදීමට සිදුව ඇති බවයි.

රටට සත්‍ය තොරතුරු මහජනතාව වෙත ගෙනයන මෙම මාධ්‍යවේදීන්ට තම රාජකාරිය නිසි පරිදි කිරීමට අවශ්‍ය පසුබිම සළසා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට දැනුම් දෙයි..

එමෙන්ම රිදීමාලියද්ද මාධ්‍යවේදියාට පහරදුන් මැරයන් එම ස්ථානයේ සිටි රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරියට ද බාධා පමුණුවා ඇති බව නිරීක්ෂණය වේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ,මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරන ලෙසයි .

මීට අදාළ වීඩියෝ සබැදියාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත යොමුකර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණු කානුවකට වටිනාකමක් නොලද තැන කලාවෙන් ලැබෙන වටිනාකම!

සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): කිඹුලන් බවට පත්...

“ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025″ අද..

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : “ජනා­ධි­පති මාධ්‍ය සම්මාන...

සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන්...