ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු – මුදල් වංචා කරලා

Date:

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ දරුවන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්ට එරෙහිව නිව්යෝක් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. නිව්යෝක් ප්‍රාන්ත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ට්‍රම්ප් පවුලේ සාමාජිකයන් විසින් පිහිටුවා ඇති අරමුදල් සඳහා ලැබුණු ආධාර, ඔවුන් සිය ව්‍යාපාරික කටයුතුවලට භාවිතා කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. ණය ලබා ගැනීම, රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීම, ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය අවම කර ගැනීම සඳහා තම ශුද්ධ වටිනාකම බිලියන ගණනින් අවප්‍රමාණය කර ඇති බවටද චෝදනා එල්ල වේ.

2011 – 2021 කාලවකවානුවේදී ට්‍රම්ප් පවුලේ වාර්ෂික මුල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී වංචා සිදුකර ඇති බවටද චෝදනා එල්ල කර ඇත.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...