රාජ්‍ය නිළධාරීන්ගේ ඇඳුම් ගැන අලුත් චක්‍රලේඛයක් එයි

Date:

රාජ්‍ය නිළධාරීන් සේවයට වාර්තා කිරීමේදී භාවිතා කළයුතු ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා. ඊට අදාල උපදෙස් මේ වනවිටත් ලබා දී ඇති බවයි ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.

කාන්තාවන් සේවයට වාර්තා කිරීමේදී සාරිය, ඔසරිය හෝ වෙනත් සුදුසු ඇඳුමක් භාවිතා කළහැකි බවට මීට පෙර චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබා දී තිබිණි. කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය නිළධාරීන් එම උපදෙස් නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත්, සුදුසු ගැලපෙන කාර්යාල ඇඳුමක් යන්න අමතක කර මුල් කොටස පමණක් ක්‍රියාත්මක කරන බවත්, ලේකම්වරයා පවසනවා.

මෙම තත්වය මත කාන්තාවන් සඳහා සුදුසු කාර්යාල ඇඳුමක් භාවිතා කිරීමට ඉඩ දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...