යුක්රේනය අල්ලන්න ගිය පුටින්ට රුසියාවත් නැතිවෙන ලකුණු !

Date:

රුසියානු නායක ව්ලැදිමිර් පුටින්ගේ නවතම තීරණය හේතුවෙන් මේ වනවිට රුසියානු ජනතාව තුළ දැඩි කැළඹීමක් හටගෙන තිබෙනවා. එරට ජනතාව ප්‍රධාන නගර රැසක සිය ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට විරෝධතාවයේ නිරතව සිටින රුසියානුවන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම රටේ හමුදා ශක්තිය ඉහළ දමමින් අතිරේක හමුදා කැඳවීමට පුටින් තීරණය කර ඇති අතර එම තීරණය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ස්වෙච්ඡා භටයන් ලක්ෂ 03 ක් ස්ථිර හමුදා සේවයට කැඳවීමට අමතරවයි.

රුසියානු පාලනය මෙවැනි නියෝගයක් නිකුත් කර තිබෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පළමුවරටයි.

පුටින් එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ජනතාව අමතමින් ප්‍රකාශ කළේ බටහිර රටවල් විසින් රුසියාව න්‍යෂ්ටික තර්ජනයකට ලක්කර ඇති බවයි. මේ නිසා රටේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවර ගැනීමට සිදුවන බවත්, හමුදා ශක්තිය තවදුරටත් වර්ධනය කරගත යුතු බවත් පෙන්වා දෙන පුටින් පවසන්නේ බටහිර රටවල් සීමාව ඉක්මවා කටයුතු කළහොත් තමන්ට විශාල අවි භාවිතා කිරීමට සිදුවන බවයි.

රටේ භෞමික අඛණ්ඩතාවයට කිසියම් තර්ජනයක් එල්ල වුවහොත් උපරිම ශක්තිය යොදා රටත් ජනතාවත් රැක ගැනීමට කටයුතු කරන බවද රුසියානු නායකයා පවසනවා.

රුසියානු නායකයාගේ මෙම තීරණය හේතුවෙන් එරට සමාජය තුළ දැඩි කැළඹීමක් ඇතිව තිබෙනවා. රුසියාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයට පුටින් සෘජුවම වගකිව යුතුය යන ස්ථාවරයේ සිටින රුසියානුවන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. යුක්‌රේන ආක්‍රමණය සම්බන්ධයෙන් විරෝධය දක්වන රුසියානුවන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදීද රුසියානු – යුක්රේන අර්බුදය දැඩිලෙස කතාබහට ලක්විය.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ රුසියාවට දඬුවම් ලබාදිය යුතු බවයි. ඒ සඳහා විශේෂ යුද අධිකරණයක් නිර්මාණය කරන ලෙස ඔහු ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වෙඩිතැබීම් දෙකක්. එක් අයෙකු මරුට. තවත් අයෙක් ICU !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී...

නව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 31ක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4ක් පත්කෙරේ

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ නිලධාරීන් 31 දෙනෙකුට...

පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටියේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් සහ අපේක්ෂකයෙක්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක්...

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...