අපි සටන දිනුවා. ප්‍රභූ පන්තියේ බලය වෙනුවට සාමාන්‍ය ජනතාවගේ පාලනයකට ජන වරමක් ලැබුණා – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නන් අයුරින් උදව් දුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“මේ සටන අපි දිනුවා. ඒක අමාරු සටනක්. පළමුවෙන්ම මේ ජයග්‍රහණය වෙනුවෙන් අපට උදව් කරපු සියලු දෙනාට, ඡන්දය දීපු ජනතාවට, අපට නන් අයුරින් සහාය දීපු හැමෝටම, මාධ්‍යවේදීන්ට, සමාජ මාධ්‍යවල වැඩකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මොකද මේක විශේෂ ජයග්‍රහණයක්. අපේ රටේ මෙතෙක් තිබිච්ච ප්‍රභූ පන්තිය අත තිබිච්ච බලය, වලව් කීපයක් අත තිබිච්ච බලය වෙනස්වෙලා සාමාන්‍ය පොදු ජනතාවගේ පාලනයක් සඳහා ජනතාව ජන වරමක් දීලා තියෙනවා. ඒ නිසා විශේෂ වෙනසක් තියෙනවා, විශේෂ ජයග්‍රහණයක් තියෙනවා. ඒ වගේම ඒ ජනතාව අපි ගැන තිබ්බ බලාපොරොත්තු වෙනස් නොකර ඉටු කරනවා කියන සහතිකය අපි දෙනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...