නව ජනපති අනුරට ඉන්දියාවෙන් මුලින්ම සුබපැතුම් !

0
717

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (22) රාත්‍රියේ සිදුවිය.

ඒ, බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට සුබපැතූ ඉන්දියානු මහකොමසාරිස්වරයා සුහද සාකච්ඡාවක ද නිරත වූයේය.