දේශපාලකයෝ මොනවා කරයිද දන්නේ නැහැ. ජනතාව අපිත් එක්ක ඉන්නවා – අනුර

Date:

කොළඹ LNW:රට ගොඩනැගීමේ කාර්ය වෙනුවෙන් ජනතාව සහය දී තිබෙන අතර දේශපාලඥයින්ගේ කුමක් කරාවිද යන්න නොදන්නා නමුත් ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන කිරීමට ඉඩ තිබෙන අතර ජනතා සහය ප්‍රමාණවත් බව 09 වෙනි විධායක ජනාධිපති ලෙස පත් වූ අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

”අපි හිතනවා රට වෙනස් කිරීමේ මාවතට රට හරවන්න පුළුවන්. ස්ථාවර රාජ්‍යයක් හදන්න පුළුවන්. ආර්ථික වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් අපිට ගොඩනගන්න පුළුවන්. ජනතාවත් ඒකාබද්ධ කරගෙන ඉස්සරහට යන්න පුළුවන්.”

සෙසු දේශපාලකයින්ගේ සහය ලැබේවිද යන්න කළ විමසීමට පිළිතුරු දෙමින් දිසානායක මහතා සඳහන් කළේ ”ජනතාව අපට සහය දීලා තිබෙනවා. එය ප්‍රමාණවත්. ඒගොල්ලෝ මොනවා කරයිද දන්නේ නැහැ. ඒගොල්ලන්ට අයිතිය තියෙනවා ඔවුන්ගේ දේශපාලනය කරන්න” යනුවෙනි.

මේ අතර ජනාධිපති ධූරය යනු තනතුරක් නොව වගකීම් බවත් දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරත වුණේ රටටත් ජනතාවටත් වැඩ හොද ජීවන තත්ත්වයක් ගොඩනැගීමේ අරමුණින් බවත් එම අරමුණ සාර්ථක කරගෙන ඉදිරියට යාම අපේක්ෂාව බවත ඔහු සඳහන් කරන ලදී.

එමෙන්ම රට ගොඩනැගීමේ කාර්යයට ජනතාව ලෙස සියලු දෙනා එක්වන ලෙසත් අනුර දිසානායක මහතා ආරාධනා කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!