ලක්ෂ 35කට අධික පිරිසක් සිය ඡන්දය භාවිත කර නෑ – මැ.කො.

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

ලක්ෂ 35කට අධික පිරිසක් 2024 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කර නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පැවසුවේ ප්‍රතිශතයක් ලෙස එය 21%ක් බවයි.

“එක්කොටි හැත්ත එක් ලක්ෂයෙන් තිස් පන් ලක්ෂ විසිදහස් හාරසිය තිස් අටක ප්‍රමාණයක් ඡන්දය භාවිතා කරලා නෑ. එය ප්‍රතිශතයක් විදිහට 21.54%ක්. සාමාන්‍යෙයන් ජනාධිපතිවරණකදි ගත්තොත් 80%කට එහා වගේ ප්‍රතිශතයකට ඡන්ද වැටීමක් සිදුවෙනවා. නමුත් මේ පාර ඊට වඩා අඩු ප්‍රමාණයක් ඡන්ද භාවිතා වුණේ. මේ සඳහා කොමිෂන් සභා පැත්තෙන් විතරක් නෙමෙයි අපිට හිතන්නට වෙන්නේ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානවලට ගෙන ඒමේ කාර්යභාරය තියන්නේ දේශපාලන පක්ෂවලට. අපි ඒ අවශ්‍ය පහසුකම සැපයීම තමයි සිදුකරන්නේ. අපි ඉල්ලන්නේ දේශපාලන පක්ෂවලින් ඒ සඳහා යම් ආකාරයකට වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...